සහරාන් හෂීම්ගේ මස්සිනා, නිතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ අද (11) නියෝග කළේය.
මෙම පුද්ගලයා අයි එස් මතවාදයන්ට අදාළ දේශනවලට සහභාගී වී අවි පුහුණුව ලැබූ බවටත් ඉස්ලාම් රාජ්‍යයක් උදෙසා දිවුරුම් දුන් පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ මහ මොළකරු වූ සහරාන් හෂීම් සහ එම දිවුරුම ලබා දුන් කාන්තාවන් 16 දෙනක් හා පිරිමි 09 දෙනක් සඳහා රැකවරණය ලබා දී ඇති බවටත් විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ද, එම සැකකරුවන්ට ආධාර අනුබල දෙමින් මෙම සැකකරු ක්‍රියාකර ඇතැයි ද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව මෙම සැකකරු කාත්තන්කුඩි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර පොළොන්නරුව බන්ධනාගාරයේ රඳවා සිටියේය.
පසුව ඉකුත් 2021 වසරේ ජුනි මස 26 වැනිදින සැකකරු තම කොට්ඨාසය භාරයට ගත් බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.







