සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සල්ලි අච්චු ගහන්නට කලින් රා හොරුන්ට දෙන “අච්චුවෙන්“ භාණ්ඩාගාරය පුරවන්න!

by editor
ජූනි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • කෘත්‍රිම රා එතනොල් ජාවාරමෙන් අවුරුද්දකට බිලියන 145ක් නැතිවෙයි !

  • එතනෝල් නැති කාලේ – රා සුරා බදු ආලේ !

මාසයකට එක ඉන්ධන නැවකට ගෙවන්නට ඇති ණයට සමාන මුදල් ප්‍රමාණයක් සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ වැරැද්ද නිසා අහිමි වන බවට පසුගියදා චෝදනාවක් එල්ල කළේ ද බලපත්‍ර ලාභී මත්පැන් අලෙවි කරන්නන්ගේ සංගමයයි. ඔවුන් කියන ආකාරයට දිනකට සුරාබදු දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂම වැඩපිළිවෙළ නිසා අහිමි වන බදු ආදායම රුපියල් කෝටි 40කි. එනම් මිලියන 400කි. එය වසරකට බැලුවහොත් රුපියල් බිලියන 146කි. අද පවතින  ඩෙලර් අනුපාතය සමඟ සසඳන කල ඩොලර් මිලියන 405කි.

දේශීය රා නිශ්පාදනය….

කොළඹ නෙළුම් කුළුණ ඉදිකරන්නට වැය වී ඇත්තේ ඩොලර් මිලියන 104කි. ඒ අනුව මේ මුදලේ තරම වටහා ගත හැකිය. ඒ නැතත් මේ වනවිට අගමැතිවරයාම පවසන්නේ රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නට රුපියල් ට්‍රිලියන ගණනින් අච්චු ගසන තත්ත්වයට රට වැටී ඇති බවය. එවැනි තත්ත්වයක් හමුවේ රුපියලක් හෝ රාජ්‍ය භාණ්ඩාගාරයට ගෙන්වා ගැනීමේ ක්‍රමයක් ඇත්නම් ඒ පිළිබඳව සැලකිලිමත් වීම රටක් ලෙස වැදගත්ය.

මේ අතරේ පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව තවත් කතාවක් අනාවරණය කර ගත්තේය. ඒ පවතින තත්ත්වය මත සුරා බදු අලෙවිය සියයට 30කින් අඩුව ඇති බවය. ඒත් සමඟ ද රාජ්‍ය ආදායම් අඩුවීම සහ අහිමි වීම ගැන සුරාබදු දෙපාර්තමේන්තුවෙන් කරන ලද ප්‍රශ්න කිරීම් නිසා ය.

සාමාන්‍යයෙන්  මෙරට පරිපාලන යාන්ත්‍රණය තුළ රාජ්‍ය භාණ්ඩාගාරයට මුදල් ලැබෙන මූලික ප්‍රවාහ තුනක් ඇත. ඒ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා රේගුව සහ සුරා බදු දෙපාර්තමේන්තුවයි. මේ ආයතන තුනම පිළිබඳ ව සැලකුවහොත් ඒවායේ පවතින අකාර්යක්ෂමතාවන් රටේ ආදායම රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීමේදී බාධකයක් වී ඇති ආකාරය මහ බැංකු වාර්තා, විගණන වාර්තා මෙන්ම පොදු ගිණුම් පිළිබඳ ව පාර්ලිමේන්තු  කාරක සභා වැනි වාර්තා මගින් වරින් වර පෙන්වා දෙනු ලැබ ඇත. එසේ පෙන්වා දුන්නද අපේක්ෂා කරන තරමේ වර්ධනයක් මේ ආයතන මඟින් පෙන්වන්නට සමත්ව නැති බව ඒ ඒ ආයතන ප්‍රධානීන් මෙන්ම රාජ්‍ය වගකිව යුත්තන් පිළිගත යුතුය.

බලපත්‍ර ලාභී සුරාසල් හිමියන් පෙන්වා දුන්නේ එක කරුණකි . ඒ සුරාබදු දෙපාර්තමේන්තුවට එක දවසකට  රුපියල් කෝටි 40ක් පමණ අහිමි කර ගැනීමක් ගැනය. මෙම ආදායම් අහිමි වීම මූලිකව සිදුවන්නේ ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදනාගාර ඇතුළු මත්පැන් කර්මාන්තකරුවන්  වෙත රා සැපයුම් කරන රා නිෂ්පාදකයන්ගෙන් බවට මෙම චෝදනාවෙන් කියවුණි. ඔවුන් ස්වාභාවික රා නිෂ්පාදනය සඳහා ලබා දී ඇති බලපත්‍රය අවභාවිත කරමින් ඊට අදාල  බදු ගණනයන් අභිභවමන් කෘත්‍රිම රා නිපදවා රජයට කිසිදු බදු ගෙවීමකින් තොරව අලෙවි  කරන  බවට වන චෝදනාවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ රා නිෂ්පාදකයන් කරන්නේ කුමක්ද යන්න අවබෝධ කර ගැනීම වැදගත්ය. ඔවුන්ට නීත්‍යනුකූලව බලපත්‍රයක් ලබා දි ඇත්තේ පොල් ගස් මැද පොල් රා ලබා ගැනීමටය. මේ පොල් රාවලින් කොටසක් රා ලෙසින්ම වෙළෙඳපොළට නිකුත් කරන අතර වැඩි කොටසක් යැවෙන්නේ මේ රටේ ඇති මත්පැන් නිෂ්පාදන ඉස්කාගාරවලටය. මෙම පොල් රාවලන් ලබා ගත් එතනෝල් එක් කිරීම අරක්කු නිෂ්පාදන ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංගයකි.  එහෙත් දැනට ශ්‍රි ලංකාවේ සිදු කෙරෙන ස්වාභාවික රා නිෂ්පාදනය ඔවුන්ට මෙම සැපයුම ලබාදීමට ප්‍රමාණවත් නැති බව පවසන්නේ එම රා නිෂ්පාදකයන් මය. මේ හේතුව නිසා ඔවුන් සීනි, යීස්ට් මිශ්‍රකර පැසවීමේ ක්‍රියාවලියක් හරහා මෙම රා පුමාණය වැඩි කර ගැනීමට පෙලඹී සිටිති .

ගස් මැදීමේ බලත්‍රය සහති නිශ්චිත පොල් ගස් ප්‍රමාණයක් මෙම රා නිෂ්පාදකයන් සම්බන්ධයෙන් ලියාපදිංචි ව ඇති අතර මේ ගස්වලට සාපේක්ෂව ලැබෙන ලීටර ප්‍රමාණය පිළිබඳව අදහසක් ඇත. සමාන්‍යයෙන් දිනකට මෙම එක් පොල් ගසකින් ලබා ගත හැකි තෙලිදිය ප්‍රමාණය ලීටර 1.5ක් පමණ වන අතර ඊට අනුපාතිකව ඔවුන්ට නීත්‍යනුකූලව නිපදවිය හැකි රා ප්‍රමාණයේද  සීමාවක් ඇත. ඒ සඳහා  සුරා බදු අය  කිරීමේදීද ඊට අනුගත වූ  ක්‍රමවේදයක් ද ඇත. මෙවැනි බලපත්‍ර ලාභී රා නිෂ්පාදකයන් සිටිනුයේ 32කි. ඔවුන් නිපදවන ස්වාභාවික පොල් රා මේ කර්මාන්තයේ ඉල්ලුම අනුව හැරෙන්නටවත් බැරි තරම්ය. මේ නිසා ඔවුහු නිති විරෝධී ලෙසින් මෙම කෘත්‍රිම රා නිපදවති.

ඒ බව මෙම නිෂ්පාදකයන් හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රන්නාදු මහතා වෙත යවන ලද ලිපියකින්ද නිල වශයෙන් පිළිගෙන තිබේ.

මේ වනවිට විදේශ රටවලින් එතනොල් ගෙන්වීම තහනම් කර ඇත. රටේ මත්පැන් නිෂ්පාදනයට අවශ්‍ය එතනොල් කර්මාන්න්තයට එන්නේ කොහෙන්ද ඒ සඳහා උල්පතක් ලෙස දැනට භාවිත කරන්නේ  මේ සීනි යීස්ට් ලුනු ඇමෝනියා සහ යූරියා මෙන්ම කටුකම්බි බැටරි එක් කර හදන කෘත්‍රිම රාවලන් හදා ගන්නා එතනෝල්ය. ඇමතිවරයා හමුවේ ලිඛිතව මෙවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බවට පිළිගන්නා රා නිෂ්පාදකයන් ඒ කරන්නේ මෙරට නීතියෙන් අනුමත නැති නීති විරෝධී මෙන්ම සෞඛ්‍යයට හිතකර නොවන අවදානම් නිෂ්පාදන පියවරකි.  ඒ සඳහා ඔවුන් රටේ නීතියෙන් සම්මත නැති අසම්මත නිති විරෝධි ක්‍රියාදාමක් අනුගමනය කරති.

මේ රා පැසීමේ ක්‍රියාවලිය ඉක්මන් කිරීම සඳහා පරණ පැටරි කටුකම්බි වැනි ද්‍රව්‍යයන්ද එක් කරන බවට විවිධ විමර්ශෂණවලදී අනාවරණය වී ඇත.

කෘතිම රා නිශ්පාදනාගාරයක් වැටලූ අවස්ථාවක්…

පසුගිය කාලය තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල, කළුතර වැනි ප්‍රදේශවල පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය විසින් කරන ලද වැටලීම්වලදී  ඔවුන් ට බලපත්‍ර සහිත පොල් ගස් ප්‍රමාණයට සාපෙක්ෂව නිපදවිය හැකි රාවලට සාපෙක්ෂව ලීටර තිස් දහසත් හැට දහසත් අතර ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. එම වැටලීම් පොලිසිය හෝ පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය විසින් සිදු කරනු ලැබුවද  ඒවා අධිකරණයට ඉදිරිපත් කරන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවය.

ඔවුන් කරන්නේ රා අනුමත පුමානයට වඩා සන්තකයේ තබා ගැනිමේ “කාර්මික අපරාධයක් ලෙස හුවා දක්වා අධිකරණයට ඉදිරිපත් නොකර   සාපේකෂව අවම දඩයක් මත ඔවුන් නිදහස් කිරීමය.එය ඔවුන් අතර පවතින අනොන්‍ය ගනුදෙවක් හා සමාන ය. කොහොම වුණත් ඔවුන්ට දිගින් දිගටම දඩ ගෙවන්නට වන තරමට  මෙවැනි වැටලීම් හැමදාම සිදුවන්නේ නැත. ඒවා සිදුවන්නේ අකලටය. මේ වංචනිකයන්ට ඇත්තේ මෙලෙස අකලට හසුවන අවස්ථාවකදී ඊට අදාල සාපෙක්ෂව සුළු දඩය ගෙවා ඔවුන්ගේ කෝටි ගණනක ජාවාරම දිගටම කරගෙන යාමය.

ඒ අනුව මේ කර්මාන්තකරුවන් කරන්නේ යළිත් සුපුරුදු කෘත්‍රිම  රානිෂ්පාදනයට එලඹීමය. ඔවුන් බදු ගෙවන්නේ ඔවුන්ට බලපත්‍ර සහිත ගස් ප්‍රමාණයට වුවද ඔවුන් සාමාන්‍යයෙන් අනුමත ලීටර පුමාණයට වඩා ලක්ෂ දෙක තුනක්වත් අරක්කු නිෂ්පාදනාගාරවලට, රා ලෙස වෙළෙඳපොළට සහ විනාකිරි නිෂ්පාදනය වෙනුවෙන් යොදවති. මෙම කෘත්‍රිම රා සම්බන්ධයෙන්  මේ වනවිට පිළිගත් රසයානාගර වාර්තා ලබාගෙන ඇති අතර ඒවායේ අනුමත ප්‍රමාණයට වඩා ඇමෝනියා අඩංගු වන බවට අනාවරණය කරගෙන ඇත. (අපි ඒ ගැන පසුව ලිපියකින් කතා කරමු)

මේ ප්‍රශ්නය සමාජය තුල මෙන්ම රටේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව තුළ ද දැඩි ලෙස කතා බහට ලක්ව ඇත. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මේ පිළිබඳව බොහෝ දත්ත ඉදිරිත් කරමින් රජයට මේ කෘත්‍රිම රා කර්මාන්තය නිසා රුපියල් බිලියන 80ක අලාභයක් සිදුවන බව පෙන්වා දී ඇත. එය එවකට මුදල් රාජ්‍ය අමත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ද පිළිගෙන මේ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය  කරන බව ට පිළිගෙන ඇත. සුරා බදු දෙපාර්තමේන්තුවද මෙම කාත්‍රිම රා නිදවීමේ ක්‍රියාවලියක් සිසුවන බවත් එයින් බිලියන 80ක් නැතත් යම් මුදලක් අහිමි වන බවත් මේ වනවිට පිළිගෙන ඇත.

එසේ වුවද  සුරා බදු දෙපාර්තමේන්තුවේ ඇතැම් පිරිසකට අවශ්‍ය වී ඇත්තේ  මේ කෘත්‍රිම රා නිෂ්පාදන ක්‍රියාවලිය අනතුරක් නැතිව ඉදිරියට යනු දැකීමය.  ඒ ඔවුන්ටද එයින් කෝටි ගණනක සනතෝෂම් මල්ලක් ලැබෙන නිසාය. මෙම කෘත්‍රිම රා නිෂ්පාදන බලපත්‍රලාභීන් තිස් දෙදෙනා දෙස පැය විසිහතර මුළුල්ලේම බලා හිඳින සුරා බදු දෙපාර්තමේන්තුව ඒ තුළ සිදුවන අවබාවිතය හමුවේ අහක බලන්නේ ඒ නිසාය.

එදා රුපියල් බිලියන 80ක් කී මේ මුදල් අහිමිවීම අද බලපත්‍ර ලාභී සුරාසල් හිමියන්ගේ ගණනයනට අනුව බිලියන 145කපමණ වී ඇත. නමුත් මේ අහිමි වන මුදල  යළි හිමිකර ගැනීම මේ මොහොතේ කළ යුතුම කරුණක් ව ඇත. ඒවා හුදෙක් මෙවනි ලිපි, මාධ්‍ය හමුවේ කතා සාප්පු බවට පමණක් පත් නොවීමට නම් විය යුත්තේ‍ ඊට අදාළ නීති රීති වෙනස් වීමය. විශෙෂයෙන් යල් පැන ගිය සුරා බදු පනත යාවත්කාලීන කිරීමය. මේවා එක රැයකින් සිදු කළ නොහැකි වුවද සති දෙක තුනකින් සිදු කළ හැකිය. අතාර්තික මුදල් මුද්‍රණය කිරීමට වඩා එවැනි පියවර සාධනීය වන්නේය. අනෙක මේ වනවිට වැටෙන්නට තැනක් නැති තැනට පත්ව ඇත. රටේ ආර්ථිකයට හුස්ම දෙන්නට එන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවලට රාජ්‍ය ආදායම් වැඩි කර පෙන්වීමේ නව සැපසුම්වලට ඒවා ඇතුළු කළ හැකිය.

අප දකින ආකාරයට මේ පිළිබඳව මේ වනවිට යම් ප්‍රගතිශීලි පියවරක් ගෙන ඇත් නම් ඒ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන කෝප් කෝපා රාජ්‍ය ගිණුම් කාරක සබාව වැනි කමිටුවලින් පමණි. සියලුපක්ෂ නියෝජිතත්වයෙන් පවතින මෙම පාර්ලිමේන්තු කමිටු තවදුරටත් බලවත් කිරීමත් ඒ හරහා මෙම නති රීති සම්පාසනය වේගවත් සහ ශක්තිමත් කිරීමත් මේ අරාජික මොහොතේ මහජන නියෝජිතයන්ගේ සැලකිය යුතු කාර්ය භාරයක් බව අපේ වැටහීමයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රසන්නගේ නිවස ගිනි තැබීමේ සිද්ධිය මුල්කොට අත්අඩංගුවට ගත් මහාචාර්ය ධම්මදින්න හිමියෝ ඇප මත නිදහස් වෙති…

Next Post

විදුලි බිල සියයට 75කින් වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.