ලංකා විදුලිය බල මණ්ඩලය සියයට සියයක පමණ මිල වැඩි කිරීමක් සඳහා අනුමැතිය ඉල්ලුවද පවතින ආර්ථික අසීරුතා පිළිබඳව සලකා එම ගාස්තු සියයට 75කින් පමණ වැඩි කිරීමට නිර්දේශය කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.
ඒ අනුව එම කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ දැනට පවතින විදුලි ඒකකයක මිල රුපියල් 16 සිට 28 දක්වා වැඩි කිරීමට ඔවුන්ට යෝජනා කර ඇති බවයි.
කෙසේ වුවද මෙම මිල වැඩ කිරීමට අදාළ සංශෝධන හෙට දිනයේ දැන්වීමක් ලෙස පුවත්වල පළ කරන බවත් ඒ සඳහා මහජන උපදේශනයක් සඳහා මහජන අදහස් ඉදිරි සති තුනක කාලය තුළ ලබා දිය හැකි බවත් සභාපතිවරයා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
එසේම විදුලි බල මණ්ඩලය සිදුකොට ඇති මිල සංශෝධනවලදී ඒකක 30, 60 සහ 90 කාණ්ඩවල විදුලිය පාරිභෝගිකයන්ට සහනයක් ලබා දීමට බලාපොරොත්තු වන්නේ යයිද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය. ඒ අනුව ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයන්ට මේ වනවිට අය කෙරෙන්නේ රුපියල් 30ක මාසික ස්ථාවර ගාස්තුවක් වන අතර විදුලි බල මණ්ඩලය එය රුපියල 430ක කිරීමට යෝජනා කළද මහජන උපයෝගීතා කොමිසම එය රුපියල් 150ක් දක්වා අඩු කළ බවත් එකක් 60ට අඩු පාරිභෝගිකයන්ගෙන් 1100ක් මණ්ඩලය යෝජනා කර ඇති අතර එය මහජන උපයෝගිතා කොමිසම රුපියල් 300 දක්වා අඩු කිරීමට කටයුතු කළ බවත් සඳහන් කළේය.
මෙරට වැඩිම විදුලිය පාරිභෝගිකයන් නියෝජනය වන ඒකක 60ත්90ත් අතර කාණ්ඩයට රුපියල් 1300ක් වූ ගාස්තුව රුපියල් 450කට අඩු කිරීම පියවර ගත් බව ඔහු අවධාරණය කළේය.
කෙසේ වුවද මේ සියලු ගාස්තු සංශෝධන යෝජනා මහජන අදහස් සඳහා පුවත්පත්වල මෙන්ම හෙට සිට මහජන උපයෝගිතා කොමිසමෙ https://www.pucsl.gov.lk වෙබ් අඩවියෙන්ද ලබා ගත හැකි බව ජනක රත්නායක මහතා පැවසීය.