අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැන් ඇති! සර්ව පාක්ෂික ආණ්ඩුවකට වහාම යන්න!

රජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයත් කියයි

by Lankasara News
අප්‍රේල් 20, 2022
in පුවත්
Sri Lankan parliament - Doctors
Share on FacebookShare on Twitter

රඹුක්කනදී සිදුවූ ඛේදවාචකය වැනි තත්ත්වයන්ට පසුබිම් වූ බරපතල දේශපාලනික සහ ආර්ථික අර්බුදවලට සංවේදී වෙමින් , ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් හරහා වහාම දේශපාලන ස්ථාවරත්වය ඇතිකරලීමට සර්වපාක්ෂික භාරකාර ආණ්ඩුවක් ඇති කරන ලෙසත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් බලගන්වන ලෙසත් රජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් මේ වනවිට ජේ‍යෂ්ඨ නීතීඥවරුන් කණ්ඩායමක් ඇතුළු වෘත්තිකයන් පිරිසක් විසින් රජය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනා සිය සංගමය අනුමත කරන බවත් වෛද්‍ය වෘත්තිකයන් ලෙස මේ මොහොතේ පීඩාවට පත් පාර්ශ්වයන්ට අවශ්‍ය සහය ලබා දීමට කැපවී සිටින බවත් එම සංගමය තවදුරත් ප්‍රකාශ කරයි.

රජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

“ඊයේ දිනයේ (19.04.2022) රඹුක්කනදී සිදුවූ ඛේදවාචකය හමුවේ අප සියලු දෙනාම මේ මොහොතේ මහත් කම්පාවට පත්වී සිටිමු. මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත්, නීතිය සහ සාමය ආරක්ෂා කිරීමටත් බැදී සිටින පොලිසිය විසින් සිදුකරන ලද මෙම ක්‍රියාව අපි තරයේ හෙලා දකිමු.වෛද්‍ය වෘත්තිකයින් වශයෙන් මේ මොහොතේ මහජනතාවට ඇතිවන සියළු ආකාරයේ සෞඛ්‍ය අවශ්‍යතා, විශේෂයෙන්ම හදිසි අනතුරු සේවා නොපිරිහෙලා ලබාදීමට අප කටයුතු කරන්නෙමු.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පවතින දරාගත නොහැකි දැඩි ආර්ථික පීඩාවන්ට සහනයක් නොලැබුණු තැන වෙනත් කළ හැකි කිසිවක් නොවූ මහජනයා මේ වන විට උද්ඝෝෂණ කිරීමට පෙලඹී ඇත. එවන් උද්ඝෝෂණ විටෙක කලහකාරී ස්වභාවයක් ගැනීමට ඉඩ ඇති නමුත්, ජීවිත හානි, ශාරීරික හානි සහ දේපල හානි අවම කරගනිමින් නීත්‍යානුකූල රාමුව තුල ඒවා සමනය කිරීම පවතින රජයේත්, බලධාරීන්ගේත්, පොලීසිය සහ ආරක්ෂක හමුදාවලත් වගකීම බව අප අවධාරණය කරමු.

මේ වන විට රට මුහුණදී තිබෙන බරපතල ආර්ථික සහ දේශපාලනික අර්බුදය හමුවේ රට අරාජිකත්වයට ඇදෙමින් පවතින බව වෘත්තිය සමිතියක් වශයෙන් අප නිරීක්ෂණය කර තිබේ. මෙම තත්වය ජන ජීවිතට බලපාන ආකාරයත්, කෙමෙන් කෙමෙන් මහජන ආරක්ෂාව පවා තර්ජනයට ලක්වන ආකාරයත් අපි දකිමු. රෝහල් තුල ඇතිවී තිබෙන ඖෂධ,රසායනික ද්‍රව්‍ය සහ ඉන්ධන හිගයන් අප වෘත්තිකයින් වශයෙන් අත් විදින්නෙමු.

මෙම තත්වයට සංවේදී වෙමින්, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් හරහා වහාම දේශපාලන ස්ථාවරත්වය ඇතිකරලීමට සර්වපාක්ෂික භාරකාර ආණ්ඩුවක් ඇති කරන ලෙස අප සියළුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටිමු. එමෙන්ම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් බලගන්වා රටේ ඇතිවී තිබෙන මේ අර්බුදකාරී තත්වයට දීර්ඝකාලීන විසදුමක් ලබා දෙන ලෙස අවධාරණය කරමු.

මේ සම්බන්ධයෙන් දැනටමත් සියළුම වෘත්තිකයින් එක් වේදිකාවකට ගොනුවී ඇති අතර, සැමගේ ඒකමතික කැමැත්ත පරිදි ජේශ්ඨ නීතීඥ මඩුල්ලක් විසින් කෙටුම්පත් කල යෝජනා මාලාවක් දැනටමත් ඉදිරිපත් කර තිබේ.

රජයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමය වශයෙන් අප එයට පූර්ණ අනුමැතිය දක්වන අතරම, වෘත්තිකයින් වශයෙන් මේ අවස්ථාවේ පීඩාවට පත්ව සිටින මහජනයාට අවශය සෞඛ්‍ය පහසුකම් ලබා දීමට කැපවන්නෙමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රඹුක්කන වෙඩි තැබුවේ SSP ගේ කණ්ඩායමේ හතර දෙනෙක්!

Next Post

දූෂිත පාලකයෙකුට මහා සංඝයා  දෙන දැඩිම දඬුවමක් – ත්‍රෛනිකායික මහා නායක හිමිවරු  සංඝ සම්මුතියක් ගැන අනතුරු අඟවති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.