-
පොහොට්ටුවන්ගේ ඉල්ලීමට රෝහිත, ජොනී, පවිත්‍රා, එස්.එම්, මහින්දානන්ද සහ සනත් නිශාන්තට කැබිනට් ඇමති ධූර….
-
සජබ මන්ත්‍රීවරුන්වන ඉරාන්, හර්ෂ, චම්පික, රාජිත, කබීර් ඇමතිකම් සහිතව නව ආණ්ඩුවට එන්න සූදානම්…
-
පැරණි කැබිනට්ටුවේ ප්‍රධාන භූමිකා සහිත ඇමතිවරු ඒ ලෙසින්ම අලුත් කැබිනට්ටුවට…
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි නම් කඩිනමින් ජාතික ආණඩුවක් පිහිටුවන ලෙස දේශපාලන පක්ෂ කිහිපයක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා දේශපාලන පක්ෂ එක් නොවන්නේ නම් ඒ ඒ පක්ෂවල මන්ත්‍රීවරුන් එක්කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.
ඒ අනුව පිහිටුවනු ලබන ආණ්ඩුව බොහෝ විට ජාතික ආණ්ඩුවක් විය හැකි බවත්, ඒ පිළිබඳව මේ සතිය තුළ තීරණයක් ගෙන ලබන සතිය තුළ කැබිනට් මණ්ඩලය නම් කර ආණ්ඩුව පිහිටුවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවත් ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.
නව ආණ්ඩුවේ ඇමති මණ්ඩලය සඳහා පොහොට්ටුවෙන් නම් කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සනත් නිශාන්ත, එස්.එම්.චන්ද්‍රසේන, මහින්දානන්ද අලුත්ගමගේ, පවිත්‍රාදේවී වන්නිආරච්චි සහ රමේෂ් පතිරණ ඇතුළත් වන බව එම ආරංචි මාර්ග කියයි.
එහෙන්ම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්වන හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, රාජිත සේනාරත්න, චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න ද මෙම ඇමති ධූර සහිත කණ්ඩයාමේ සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන මෙන්ම කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමන්, ජාතික කොංග්‍රස් නායක ඒ. එල්. එම්. අතාඋල්ලාට ද ඇමති ධූර ලබා දීමට නියමිතව තිබේ.
අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඇමති ධුර ඉල්ලුම් කරමින් නම් යෝජනා වී තිබෙන අතර ඔවුන් අතුරින් උපරිම 35කට යටත්ව නව කැබිනට් මණ්ඩලයට තෝරා ගැනීමට කටයුතු කරමින් සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.







