සරසවි ශිෂ්‍යාවන් පිරිසක් නවාතැන් ගෙන සිටි සිටි පේරාදෙණිය සරසවියට නුදුරු හිඳගල ප්‍රදේශයේ පෞද්ගලික නවාතැන්පලක් ගිනිගෙන විනාශ වී එක් සිසුවියක් බරපතල පිලිස්සුම් තුවාල සහිව රෝහල්ගත කර ඇත.
එම ගින්නෙන් නවාතැන්පලේ එක් කාමරයක් මුළුමනින්ම විනාශ වී ඇති අතර සෙසු කාමරවලට බරපතල හානි සිදුවී තිබේ.
මෙම පෞද්ගලික නවාතැනට යාබද කොණ්ඩා සැකසුම් ස්ථානයක මෙම ගින්න හටගෙන පසුව නවාතැනට ගින්න ව්‍යාප්ත වූ බව සිද්ධිය ඇසිනු දුටුවෝ පවසති.
මේ වනවිට එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.







