ශ්‍රියානි විජේසිංහ –
දිවයිනපුරා සරම්ප රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බැවින් මාස 6 – 9 අතර වයසේ පසුවන දරුවන් වෙනුවෙන් අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබා දිම ලබන ජනවාරි 6 වන දින දිස්ත්‍රික්ක 9ක පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන් හරහා සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසා සිටියි.
මේ වසරේ මැයි මාසයේ සිට මේ දක්වා කාලය තුල සරම්ප රෝගින් 700ට අධික සංඛ්‍යාවක් දිවයිනේ දිස්ත්‍රික්ක කීපයකින් වාර්තා වි ඇති බවත් ඉන් වැඩිම පිරිස කොළඹ නාගරික බල ප්‍රදේශයෙන් වාර්තා වූ බවත් විශේෂඥවරයා පවසා සිටියි.
මේ අතර වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පෙන්වා දෙන්නේ 2021 වසරේදී මෙලොව උපන් දරුවන් ලක්ෂ 3කගෙන් සමරම්ප එනන්ත ලබා නොගත් සංඛ්‍යාව1352ක් බවය. මේ අනුව වසර 2022 සහ 2023 යන වර්ෂ ඇතුලුව රෝගී අවදානම සහිත දරුවන් 7500 – 1000 අතර සංඛ්‍යාවක් සිටිය හැකි බවට අනුමාන කළ හැකි බවත් ඔහු කියයි.
කොවිඩ් වසංගතය පැවති කාලය තුළ එන්නත්කරණ වැඩසටහනේ ඇති වූ යම් යම් අඩුපාඩු හේතුවෙන් සරම්ප රෝගීන්ගේ සංඛ්‍යාව මෙසේ වැඩි වර්ධනය වී ඇති බවත් මෙය ගෝලීය වශයෙන් දක්නට ලැබෙන තත්ත්වයක් බවත් හෙතෙම පෙන්වාදේ.
සරම්ප එන්නත ලබා දී දරුවන්ව සරම්ප රෝගයන් මුදවා ගන්නා ලෙසත් සරම්ප රෝගය ඇතැම් විට විවිධ සංකූලතාවන් ඇතිකළ හැකි රෝගයන් බවට පත්වන අතර එය නියුමෝනියාව, ඇස් අන්ධවිම, මොළයේ ආබාධ තත්ත්වයන් පමණක් නොව ඇතැම් විට මරණයෙන් පවා කෙළවර විය හැකි බවත් විශේෂඥ වෛද්‍ය ගිනිගේ අවධාරණය කරයි.







