සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සරත් වීරසේකර පුස් වෙඩිල්ලක්… අනුර කුමාර  කියයි…

by editor
මාර්තු 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

පොලීසිය බාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන  සරත් වීරසේකර අමාත්‍යවරයාට  යමක් කී විට ඔහු පොලීසිය යොදවා පුද්ගලයින් මර්දනය කරවීමට උත්සාහ කිරීමත්  විවිධ වචන භාවිත කරමින් පුද්ගලයින්ව බිය වද්දා තර්ජනය කරනු ලබන්නේත්  ඔහුට අමාත්‍යධුරයක් දැරීමට තරම් මේරූ බුද්ධියක් නොමැති නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා වවුනියාවේදී පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ දිනවල රට පුරා පවත්වාගෙන යන ”කවුද දිණුම්” සම්මන්ත්‍රණ මාලාවේ එක් පියවරක් වවුනියාවේ පැවති අවස්ථාවේදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මේ බව පැවසිය.

පොලීසිය භාර සරත් වීරසේකර අමාත්‍යවරයාගේ නොමේරූභාවය ඔහු විසින් මේ දක්වා ගන්නා ලද තීරණ දෙස බලන විටත්  ඒවා අසාර්ථක වීම දෙසත් බලන විටත් ඉතා හොඳින් පෙනී යන බව කී අනුර කුමාර මන්ත්‍රීවරයා ඔහු තමන්ටද ජීව උණ්ඩ ඇති බව කියමින් තර්ජනය කොට බිය වැද්දීමට උත්සාහ කළත් ඒ සියල්ලම අසාර්ථක වීම නිසා  මේ වන විට  සරත් වීරසේකර අමාත්‍යවරයා පුස් වෙඩිල්ලක් බවද කියා සිටියේය.

මේ වන විට රට තුළ විශාල වශයෙන් පරිසර හානියක් සිදුවන අන්දම උදාහරණ සහිතව විස්තර කළ මන්ත්‍රීවරයා මේ සියල්ලම සිදු වන්නේ දේශපාලන හයියක් ඒවා කරගෙන යන පිරිසට ලැබී ඇති නිසා බවද සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ රටේ පරිසරයට සිදුව ඇති හානිය දෙස බලන විට කැළෑ කැපීම් වැලි පස් ගොඩ දැමීම් පමණක් නොව වාරි කර්මාන්තය විනාශ වීමට ඉඩ හැර සිටීම ජාතික අපරාධයක් බවද  මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අතීත රජ සමයේ මේ රටේ තිබූ වැව්  32000කින්  දැනට ඉතිරිව ඇත්තේ වැව් 14000 ක් පමණක් බවත් ඉන් සක්‍රීය වැව් දක්නට ඇත්තේ 2000 ක් පමණක් බවත්  කී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පරිසරය ආරක්ෂා කිරීමට පිහිටුවා තිබෙන පරිසර කමිටුවලට  රජයට සම්බන්ධ හිතවතුන් යොදා ගෙන ඔවුන් ලවා පරිසරය විනාශ කරන බවද පැවසිය.

රජය විසින් මේ රට තුළ පිහිටුවන ලද සියළුම කොමිෂන් වලට ඔවුන්ට හිතවත් පිරිස් යොදා ගැනීම නිසා  ඒ සියලුම කොමිෂන්වලින් සාධාරණයක් ඉටු නොවන තත්ත්වයකට පත්ව ඇති බවද අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසීය.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාවන්ට අනුව ශ්‍රී ලංකාවට විශාල වශයෙන්  බලපෑමක් ඇති වන බවත් විදේශීය ආක්‍රමණයක් පවතින නිසා  ඊට සහය දෙන ලෙසත් රජය හා තවත් පාර්ශ්ව මේ දිනවල ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.

එවැනි බලපෑමක් හෝ විදේශ ආක්‍රමණයක් ශ්‍රී ලංකාවට ඇත්නම් ඊට මුලින්ම විරුද්ධ වන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව කී ඔහු එවැනි සියලු දේ රජය හා රජයට සම්බන්ධ පිරිස් නිර්මාණය කරණු ලබන්නේ ජනතාවගේ අනුකම්පාව ලබා ගැනීමට මිස ඇත්ත තත්ත්වයකින් නොවන බවද පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකයේ සෑම රටකටම ඉතා සාධාරණවත් එක සමානවත් කටයුතු කරණ බවක් අතීතයේ සිට දක්නට නොලැබුනු බව සඳහන් කළ මන්ත්‍රීවරයා මේ අවස්ථාවේ ද ඔවුන් කටයුතු  කරණු ලබන්නේ ඔවුන්ගේ සුපුරුදු න්‍යාය පත්‍රයට අනුව බව ද කියා සිටියේය.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමලිංගම් චන්ද්‍රසේකරන් සහ ජනතා විමුක්ති පෙරමුණේ වවුනියාව දිස්ත්‍රික් සංවිධායක උපාලි සමරසිංහ ද කතා කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අතුරුදන් වූවන්ගේ ඥාති පිරිසක් මරණ සහතික හා වන්දි ලබා ගැනීමට එකඟවෙති…

Next Post

අතුරුදන් වූ රත්මලානේ පාසල් සිසුවා හමුවෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.