සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සම්මුඛ පරීක්ෂණයට වංගු දමා  කලින් තෝරාගත් පිරිසක් ASP  තනතුරට උසස් කරලා… අනුර කුමාර පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි!

by editor
නොවැම්බර් 9, 2021
in පුවත්
anura-kumara-dissanayake-in-parliament
Share on FacebookShare on Twitter

වසර 15කට පසු  පොලිස් දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ සහකාර පොලිස් අධිකාරී තනතුරු සඳහා පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණයේ දී පූර්වයෙන් නිගමනය කරගත් පිරිසක් එම තනතුරු සඳහා පත් කිරීම සම්බන්ධව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරකුමාර දිසානායක අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය.

ස්ථාවර නියෝග 27/7 යටතේ ඔහු මෙම ප්‍රශ්න කිරීම කරමින් මෙම සම්මුඛ පරීක්ෂණයේ දී සිදුකළ බරපතල දූෂණ රැසක් පිළිබඳව විමසා සිටියේය.

සහතික හා ලේඛන පරීක්ෂා කරමින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ලකුණු සංශෝධනය කර තිබීම, ඇතැම් නිලධාරීන්ට ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයට උසස්වීම් ලැබූ දිනයන් පෙර දාතම කිරීමෙන් හා සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට අවස්ථාව ලබා දීමෙන් වාසි සැලසීම, සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ලකුණු දීමේ පරිපාටියට පටහැණිව ලකුණු ලබා දීම, නිලධාරීන්ගේ දක්ෂතාවන් හා හැකියාවන්ට අදාළව ලකුණු ලබා නොදීම  පිළිබඳව වූ චෝදනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරනු ලැබුවේය.

  • ස්ථාවර නියෝග 27/2 යටතේ  ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ අක්‍රමිකතා පිළිබඳව අද ඇසූ ප්‍රශ්නය මෙසේය.

සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස් කිරීම සඳහා වූ තෝරාගැනීමේ ක්‍රියාවලියේ පැවති විවිධ අක්‍රමිකතා හා අඩුපාඩු හේතුවෙන් පොලිස් නිලධාරීන් තුළ මතුවී ඇති ගැටලුකාරී තත්වය මෙම සභාවේ අවධානයට යොමු කරනු කැමැත්තෙමි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පොලිස් නිලධාරියෙකු ලෙස සේවයට එක්වී දක්ෂ හා උනන්දුවෙන් සේවය කරන නිලධාරියෙකුගේ අපේක්ෂාව වන්නේ තම සේවා කාලය තුළ ළඟා විය හැකි ඉහළම තනතුරුවලින් එකක් වන සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස්වීම් ලැබීමයි. එනම් ඍජු බඳවා ගැනීම්වලට අමතර වශයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ගේ කුසලතා ඇගයීම් සඳහා ලකුණු දීමේ පදනමින් පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයකින් ඉහළම ලකුණු ලබා ගන්නා නිලධාරීන්ට මෙම තනතුරට අදාළ උසස්වීම ලබා ගත හැකියි.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ මෙම සම්මුඛ පරීක්ෂණ උසස්වීම් ක්‍රියාවලිය නිසි කාලරාමුවක් අනුව සිදු නොවන නිසා නිලධාරීන් කලකට පසුව ලැබෙන මෙම අවස්ථාව පිළිබඳව විශේෂ උනන්දුවක් දැක්වීම තේරුම් ගත හැකියි. උදාහරණයක් ලෙස පසුගියදා මෙබඳු බඳවා ගැනීමක් සිදු වූයේ වසර 15කට පමණ පසුවයි. එහෙත් එම ක්‍රියාවලියේදී සියලු දෙනාටම නොවූවත් පූර්වයෙන් නියම කර ගත් යම් පිරිසකට තනතුරු ලබා දීමට කටයුතු කෙරී ඇති බවට චෝදනා නැගෙනවා.

මේ හේතුවෙන් තමන්ගේ දක්ෂතා අනුව මෙම තනතුරු ලබා ගත් නිලධාරීන්ටද එල්ල වන්නේ කළු පැල්ලමක්. සම්මුඛ පරීක්ෂණයට අදාළ සමස්ත ක්‍රියාවලිය තුළ විවිධ අක්‍රමිකතා සිදු වූ බවටත් ඒ හේතුවෙන් තමන්ට අසාධාරණයක් සිදු වූ බවටත් සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් නිලධාරීන් බලවත් කණස්සල්ලෙන් පසුවනවා.  මෙය හුදු එම නිලධාරීන්ට පමණක් නොව අනාගතයේදී එවැනි තනතුරකට උසස්වීම් ලැබීමේ අපේක්ෂාවෙන් පසුවන සියලු පොලිස් නිලධාරීන්ගේ මානසිකත්වයට බලපෑම් සිදු කරනවා.          

ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීම සඳහා වූ කුසලතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණයක් 2020.01.31 දින කැඳවනු ලැබ තිබුණා. එයට පදනම් කර ගෙන තිබුණේ 2019.07.19 දිනැති පොලිස් කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දෙන ලද ලකුණු දීමේ පරිපාටියයි. එහි ජ්‍යෙෂ්ඨතාව අනුව ලකුණු දීම අඩුපාඩු සහිත වීම සහ බී හා සී ශ්‍රේණියේ පොලිස් ස්ථාන භාරව සේවය කිරීමට ලකුණු ලබා නොදීමට එරෙහිව අදාළ නිලධාරීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා තිබුණා. මේ තත්වය තුළ පොලිස් කොමිෂන් සභාව විසින් එම ලකුණු ලබා දීමේ පටිපාටිය 2020.02.18 දින සංශෝධනය කළ අතර එමගින් ඔවුන්ගේ ගැටලුවලට සාධාරණයක් ඉටු වී තිබුණා. කෙසේ වුවද එම නව ලකුණු දීමේ පටිපාටිය අනුව 2020.02.18 දින සිට ආරම්භ කළ උසස් කිරීමේ සම්මුඛ පරීක්ෂණ 2020.02.20 වැනි දින ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝග මත නතර කෙරුණා.

එසේ තිබියෙදී 20වැනි සංශෝධනයෙන් පොලිස් කොමිසමේ බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලැබීමෙන් පසුව පොලිස්පතිවරයා විසින් 2020.11.20 දිනට වසර 03ක සේවා කාලයක් සම්පූර්ණ කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලධාරීන්ගෙන් කුසලතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා නැවත වරක් අයදුම්පත් කැඳවනු ලැබුවා. මෙහිදී 2020.02.18 දින සම්මුඛ පරීක්ෂණවලට පදනම් කරගත් ජාතික පොලිස් කොමිසම විසින් සකස් කර තිබූ නව ලකුණු දීමේ පටිපාටිය අවලංගු කර පැරණි 2019.07.19 දිනැති පොලිස් කොමිෂන් සභාවේ ලකුණු පරිපාටිය භාවිත කරන බව ප්‍රකාශ කර තිබුණා. කෙසේ වුවද බී හා සී ශ්‍රේණියේ පොලිස් ස්ථාන භාරව සේවය කිරීමට අදාළව පිළිවෙළින් ලකුණු 01ක් හා 0.5ක් වශයෙන් ලකුණු දෙන බව ප්‍රකාශ කර තිබුණා. ජ්‍යෙෂ්ඨතාවට අදාළව ලකුණු දීම ඇතුළු පැරණි ලකුණු දීමේ පරිපාටිය නැවත වලංගු කිරීම ගැටලු සහගත වී තිබුණා.

මේ අතර සම්මුඛ පරීක්ෂණයට අදාළව 2020.12.31 දිනැති ආර්.ටී.එම් 512 දුරකථන පණිවිඩය මගින්ද නව තීරණ කිහිපයක් ලබා දීමට කටයුතු කර තිබුණා. නැවත වරක් පොලිස්පතිතුමාගේ 2021.03.03 සී.ආර්.ටී.එම් 65 පණිවිඩය මගින්ද සම්මුඛ පරීක්ෂණවලට අදාළ කොන්දේසි සංශෝධනය කර තිබුණා. එමගින් පළමු අවස්ථාවේ අයදුම්පත් කැඳවීමේ 2020.02.29 අවසන් දිනය අහෝසි කර ඒ සඳහා 2021.03.02 සිට 2021.03.15 දක්වා තවත් සති දෙකක කාලයක් ලබාදීමට කටයුතු කර තිබුණා. එසේම නැවතත් 2021.08.20 දිනැති සී.ආර්.ටී.එම් 308 පණිවිඩය මගින් අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2021.09.02 දින බව දන්වනු ලැබුවා. මේ දීර්ඝ කර තිබුණේ වසරකුත් මාස අටකට පෙර 2020.01.31 දින අයදුම්පත් කැඳවීම ආරම්භ කරන ලද සම්මුඛ පරීක්ෂණයක්. ‘අයදුම්පත් කැඳවීමේ අවසන් දිනට පෙර නිවේදනයේ සඳහන් සුදුසුකම් සම්පූර්ණ කර තිබිය යුතුයැ’යි සඳහන් කර තිබූ තත්වයක් තුළ කලින් අයදුම් කර තිබූ නිලධාරීන් තමන්ට අසාධාරණයක් සිදු වූ බව විශ්වාස කරනවා. විශේෂයෙන් මෙසේ අවස්ථා 03කදී අයදුම්පත් කැඳවීමත්, සම්මුඛ පරීක්ෂණ පවත්වා මාස 04කට පසු නැවත අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමත් යම් කොටසකට පක්ෂපාතීව සිදුවී ඇති බව ඔවුන් පවසනවා.      

ඒ අනුව සම්මුඛ පරීක්ෂණ 2021.03.18 දින සිට 2021.04.30 දක්වා පවත්වනු ලැබුවා. එහිදී කලින් ප්‍රකාශ කර තිබූ පරිදි බී හා සී ශ්‍රේණියේ පොලිස් ස්ථාන භාරව සේවය කිරීමට අදාළව පිළිවෙළින් ලකුණු 01ක් හා 0.5ක් වශයෙන් ලකුණු දීම ප්‍රතික්ෂේප කෙරුණා. නමුත් තමන් සේවය කළ එම පොලිස් ස්ථාන පසු කාලීනව ඒ ශ්‍රේණියට සංශෝධනය වීමේ ගැසට් නිවේදන පෙන්වූ ඇතැම් නිලධාරීන්ට ඒ ශ්‍රේණියේ ස්ථානවලට අදාළ ලකුණු ලබා දී තිබෙනවා. මේ සියලු ක්‍රියාකාරකම් බඳවා ගැනීමේ පරිපාටිය උල්ලංඝනය කිරීම්ද වනවා.

එසේම සම්මුඛ පරීක්ෂණ අවසන් කළ පසු අවස්ථා 03කදී තෝරා ගන්නා ලද නිලධාරීන්ට අදාළව  පහත ගැටලුකාරී තත්වයන් පවතින බව ඔවුන් පවසනවා. සහතික හා ලේඛන පරීක්ෂා කරමින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ලකුණු සංශෝධනය කර තිබීම, ඇතැම් නිලධාරීන්ට ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයට උසස්වීම් ලැබූ දිනයන් පෙර දාතම කිරීමෙන් හා සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට අවස්ථාව ලබා දීමෙන් වාසි සැලසීම, සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ලකුණු දීමේ පරිපාටියට පටහැණිව ලකුණු ලබා දීම, නිලධාරීන්ගේ දක්ෂතාවන් හා හැකියාවන්ට අදාළව ලකුණු ලබා නොදීම ආදී බරපතළ අක්‍රමිකතා ගණනාවක් සිදුවී තිබෙනවා.                                 

මෙම තත්වය තුළ මතුවන පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

  1. මෙම ගැටලුවේ ආරම්භක අවස්ථාව වන 2020.02.18 දින සිට ආරම්භ කළ උසස් කිරීමේ සම්මුඛ පරීක්ෂණ 2020.02.20 වැනි දින ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝග මත නතර කරනු ලැබුවේ ඇයි?
  2. 2020.02.18 දින ආරම්භ වූ සම්මුඛ පරීක්ෂණවලට පදනම් කරගත් ජාතික පොලිස් කොමිසම විසින් සකස් කර තිබූ නව ලකුණු දීමේ පටිපාටිය අවලංගු කර පැරණි 2019.07.19 දිනැති පොලිස් කොමිෂන් සභාවේ ලකුණු පරිපාටිය භාවිත කරන ලද්දේ කවර හේතුවක් මතද?
  3. ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයේ ජ්‍යෙෂ්ඨතාව අනුව ලකුණු දීමේදී පමණක් 2019 පොලිස් කොමිෂන් සභාවේ ලකුණු පරිපාටිය වෙනුවට 2020 නව පරිපාටිය භාවිත කරන ලද්දේ මන්ද?
  4. සම්මුඛ පරීක්ෂණයේදී පොලීසිවල බී හා සී ශ්‍රේණිය අනුව ලකුණු නොදීම හා පසුව ඒවා ඒ ගණයට උසස් වීම මත ඇතැම් නිලධාරීන්ට ලකුණු එකතු කිරීමට පියවර ගැනීම ගැටලු සහගත නොවන්නේද?
  5. ඇතැම් නිලධාරීන් තෝරා ගැනීම ඉලක්ක කර ගනිමින් මෙම ක්‍රියාවලිය අතරමැදදී සුදුසුකම්, අයදුම් කිරීමේ දින වකවානු, පෙර දාතම කිරීම්, බඳවා ගැනීමේ පරිපාටිය උල්ලංඝනය කිරීම් සහ විටින් විට තීරණ සංශෝධන සිදු කිරීම ආදී සැක උපදවන හැසිරීම් හේතුවෙන් සමස්ත තෝරාගැනීමේ ක්‍රියාවලිය ප්‍රශ්නකාරී වී ඇති බව පිළිගන්නේද?
  6. මෙම තෝරාගැනීමේ ක්‍රියාවලියෙන් අසාධාරණයට ලක්වූ නිලධාරීන්ට ලබා දෙන සහනය කුමක්ද?
Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන පොහොර නැවේ ගෙවීම්වලට එරෙහි වාරණය 19ට කල් යයි! වාණිජ මහාධිකරණය නියෝග කරයි…

Next Post

මැර SDIG රන්මල් බේරන්න වියත්මගේ ඇමති ගත්  වෑයම අපතේ යයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.