සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සම්පත් බැංකුවේ දෙවැනි විශාලතම කොටස් හිමියා – ප්‍රභාෂ් සුබසිංහ

ධම්මික පෙරේරා තවමත් අංක එක - EPF තුන්වැනි තැන

by Lanka Sara Editor
මාර්තු 5, 2021
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකුවක් වන සම්පත් බැංකුවේ දෙවන විශාලතම කොටස් හිමිකරුවා බවට පත් වීමට මෙරට ප්‍රධාන පෙළේ අපනයනකරුවකු වන ප්‍රභාෂ් සුබසිංහ මහතා සමත් වෙයි. ග්ලෝබල් රබර් ඉන්ඩස්ට්‍රීස් සහ ග්ලෝබල් සී ෆුඩ් සමාගම්වල හිමිකාරීත්වය දරන සුබසිංහ පවුලේ සාමාජිකයකු සහ එම සමාගම් හි කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ඔහු මෙසේ තම සම්පත් කොටස් වැඩි කර ගත්තේ ග්ලෝබල් ව්‍යාපාරයට අයත් ආයෝජනය සමාගම වන අයෙන්කා හෝල්ඩිග්ස් වෙත සම්පත් බැංකුවේ කොටස් සියයට 10ක් හිමි කර ගැනීමෙනි. ඒ අනුව ප්‍රභාෂ් සුබසිංහ මහතාට සහ ඔහුට අයත් සමාගම්වල සම්පත් කොටස් මිලියන 38ක් පවතින අතර මෙතෙක් සම්පත් බැංකුවේ දෙවැනි විශාලතම කොටස් හිමිකාරීත්වය දැරූ සේවක අර්ථ සාධක අරමුදල (ඊ.පීඑෆ්) තෙවැනි තැනට පත්විය.
සම්පත් බැංකුවේ තවමත් වැඩිම කොටස් හිමි ආයෝජකයා වන්නේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සහ ඔහුගේ හිමිකාරීත්වය දරන වැලිබල් වන් සමාගමයි. එම ප්‍රතිශතය සියයට 15කි.
සම්පත් බැංකුවේ උප සභාපති ධුරය හොබවන ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රුෂංක ද සිල්වා සහ ඔහුගේ පියා වන ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගමේ නිර්මාතෘ ඉන්ද්‍ර කුමාර ද සිල්වා සම්පත් බැකුකවේ සිව්වැනි විශාලතම කොටස් හිමිකරුවන් වන අතර ඔවුන්ට එම බැංකුවේ සියයට 8.2ක කොටස් හිමකාරීත්වයක් ඇත.
ප්‍රභාෂ් සුබසිංහ මහතා කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දරන ග්ලෝබල් සී ෆුඩ් ආයතනය මෙරට ප්‍රදාන පෙලේ මත්ස්‍ය නිෂ්පාදන අපනයන සමාගමක් වන අතර ඔවුන්ගේ පවුලේ මූලික ව්‍යාරපාය වූයේ එයයි. එයින් පසුව රබර් නිෂ්පාදන ක්ෂේත්‍රය් අයෝජන කළ සුබසිංහ පවුල ආරම්භ කළ ග්ලෝබර් රබර් ඉන්ඩස්ට්‍රිස් සමාගම වානිජ සහ කෘෂි වාහනවල ප්‍රමුඛ ටයර් නිෂ්පාදකයකු සහ අපනයනකරුවකු බවට පත්ව සිටී. සෙලින්කේ සමූහ ව්‍යාපාරයේද සැලකිය යුතු කොටස් හිමිකාරීක්වයක් දරන ග්ලෝබල් ව්‍යාපාර කොටස් වෙළෙඳපොල ආයෝජන සඳහා ඇති කළ ආයෝජන සමාගම වන්නේ අයෙන්කා හෝල්ඩිංග්ස් සමාගමයි. ඒ හරහා ව්‍යාපාර ගණනාවක කොටස් ආයෝජනය කර ඇති අතර මෙම ආයෝජනය ඔවුන්ගේ විශේෂිත ආයොජනයක් ලෙසින් සැලකෙයි. මුලින්ම 2019 වසරේ සම්පත් බැංකුවේ කොටස් මිල දී ගැනීම ආරම්භ කළ ප්‍රබාස් සුබසිංහ මහතා පසුගිය 03 වැනිදා ගනුදෙනුව සිදු කර ගන්නා විට සම්පත් බැංකුවේ සියයට 5කට ආසන්න කොටස් හිමිකාරීත්වයක් පැවතිණි. පසුගිය වසරේ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළ ප්‍රභාෂ් සුබසිංහ මහතා වසරක සේවා කාලයෙන් අනතුරුව තම සමාගමේ ව්‍යාපාර කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමේ අරමුණින් එම තනතුරින් ඉල්ලා අස්විය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 5යි… කොවිඩ් ආසාදිතයන් 351යි…

Next Post

වෛරස නසන මාස්ක් හැදූ පේරාදෙණි පුත්තු

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.