බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සබරගමු සමන් දේවාල බස්නායක නිලමේ පොරයේ ගොදුරු වූ වැලිගෙපොල සහ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ස්ථාන මාරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි… සිටි ස්ථානවලම සේවයේ පිහිටුවයි!

by editor
මාර්තු 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තේරීමේ නිලවරණය ලංවත්ම දේශපාලන මැදිහත්වීම් මත අතාර්කික ලෙස සිය සේවා ස්ථානවලින් මාරු කර සංචිතයට අනුයුක්ත කළ කීර්තිමත් පරිපාලන නිලධාරීන් දෙපළක්වන වැලිගෙපල ප්‍රාදේශීය ලේකම් අනුරාධ ජයකොඩි සහ ඕපනායක ප්‍රාදේශීය ලේකම් ධම්මික සතරසිංහ ගේ ස්ථානමාරුවීම් වහාම අත්හිටුවා ඔවුන්ව ඔවුන් සේවය කළ රාජකාරි ස්ථාන වෙතම අනුයුක්ත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.

දේශපාලකයින් ඉදිරියේ අනම්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කළ  මෙම කීර්තිමත් නිලධාරින් දෙදෙනා කිසිම හේතු දැක්වීමකින් තොරව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචිතය වෙත මාරු කර යවා තිබිණි.

ඊට එරෙහිව මෙම නිලධාරීහු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනු කළ අතර එහි නියෝග අද ප්‍රකාශයට පත් විය.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඡන්දයෙන් පත්වන රත්නපුර මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා පත්කරගැනීමේ නිලවරණය ආසන්න වනවිට  දේශපාලන බලපෑම් නොතකන පරිපාලන නිලධාරීන් අශිෂ්ට ලෙස දඩයම් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ වී පැවතිනි.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

එම ව්‍යාපෘතියේ ප්‍රමුඛ බිලි වූයේ දේශපාලන බලපෑම් ඉදිරියේ අනම්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ  කීර්තිමත් පරිපාලන නිලධාරී ලෙස ගෞරවයට ලක් වූ  රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය   ලේකම් අනුරාධ ජයකොඩි  සහ  ඕපනායක ප්‍රාදේශීය ලේකම් ධම්මික සතරසිංහය.

මෙම නිලධාරීන් දෙපළම    අතාර්කිකව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ  සංචිතය වෙත මාරුකර යවා තිබිණි.

වැලිගෙපල ප්‍රාදේශීය ලේකම්වරයා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම නිලධාරියෙක් වු අතර ඔහු සිය නිල ස්ථාන මාරුවීම්වල දී ප්‍රමුඛතාවය මත ඉල්ලා සිටි බලංගොඩ ප්‍රාදේශීය ලේකම් ධූරය හා   වැඩ බලමින් සිටි ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් ධූරය ය. එම අවස්ථාව දෙනු  වෙනුවට ඔහුව සංචිතයට පළවා හරිනු ලැබුවේ  ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් තනතුර පුරප්පාඩුව පවතිද්දී ය. අනතුරුව ඔහු ඉල්ලා සිටි බලංගොඩ ප්‍රාදේශීය ලේකම් ධූරයට ඔහුට වඩා කනිෂ්ඨ නිලධාරිනියක පත් කර තිබිණි.

අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ  මේ පළිගැනීම් සහගත ස්ථාන මාරුවීම්වලට  ප්‍රධානම හේතුව   බලංගොඩ බොල්තුඹේ සමන් දේවාලයේ බස්නායක නිලමේ ධූරය සඳහා මහා සමන් දේවාලයේ බස්නායක නිලමේට ප්‍රතිපක්ෂ පුද්ගලයෙක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීම බවය.

ෙමේ පරිසරය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ කිසිම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට මෙම නිලධාරින් දෙපළ පත්  නොකිරීමට දේශපාලන බල අධිකාරිය තීරණය කර තිබිණි.

මෙම ප්‍රාදේශීය ලේකම්වරු තමන්ට සිදුවූ අසාධාරණයට එරෙහිව මානව හිමිකම් කඩවීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූහ.

අද එම නඩු විභාගය කැඳවූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ ප්‍රමුඛ විනිසුරු මණ්ඩලය නියෝග කළේ වහාම ක්‍රියාත්මකවන පරිදි  මෙම මාරුවීම් අත්හිටුවන ලෙසය.

මාරුවීම් සඳහා වාරණ නියෝගයක් නිකුත් කළ අධිකරණය  උක්ත නිලධාරීන් ඔවුන් රාජකාරි කරමින් සිටි ස්ථානවලටම අනුයුක්ත කරන ලෙස නියෝග කළේය.

මෙම මාරුවීම් නියෝග නීත්‍යානුකූල නොවන්නේ යැයි පෙනී යන බවත්,  විමර්ශනය නිම කර අවසන් නියෝගය දෙන තුරු ඔවුන් එම රාජකාරි ස්ථානවලම රාජකාරි කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය  අද නියෝග කළේය.    .

පැමිණිල්ල වෙනුවෙන්  ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන, සහ නීතිඥ රජී වසන්ත වෙල්ගම පෙනී සිටියේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහ බැංකු නිලධාරීන්ගේ  වැඩිකළ වැටුප් අත් හිටුවන්න… රජයේ මුදල් කාරක සභාව නිර්දේශ කරයි…

Next Post

හැමදේම සල්ලි නෙමෙයි… වෛද්‍ය අධ්‍යාපනයේ මූලික මූලධර්මවත් නොතකා වෛද්‍ය පීඨ හදන්න ගොස් ජාතික වෛද්‍ය අධ්‍යාපනය විනාශ නොකරන්න.. . 

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.