බොරතෙල් මෙට්රික් ටොන් 90,000ක් ලැබීමෙන් පසු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු අද (16) යළි ආරම්භ වේ.
බොරතෙල් නෞකාව වරායේ නැංගුරම් ලා ඇති අතර ගොඩබෑමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.
බොරතෙල් මෙට්රික් ටොන් 90,000ක් ප්රවාහනය කරන තවත් ටැංකි නෞකාවක් ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිතය. මෙම තොග සමඟ, පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත් වනු ඇති බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.
ෙඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුව පූර්ණ ධාරිතාවෙන් පිරිපහදු කටයුතු සිදුකිරිමේ දී , ඩීසල් මෙට්රික් ටොන් 1,600ක්, පෙට්රල් මෙට්රික් ටොන් 550ක්, භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන මෙට්රික් ටොන් 950ක් , දැවි තෙල් මෙට්රික් ටොන් 1450ක් සහ නැප්තා මෙට්රික් ටොන් 450ක් සපුගස්කන්දෙන් දේශීය වෙළෙඳපලට නිකුත් කිරීමට නියමිතය.









