බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සති දෙකක් තුළ දෙවැනි වරටත් පොලිසිය අධිකරණය ඉදිරියේ සිවිල් වැසියන්ගෙන් වැඳ නමස්කාරකර සමාව ගනී… ගියවර සැරයන් කෙනෙක්… අද අයි.පී කෙනෙක්…

මෙැවනි තීන්දු ලබා දෙන්න වීමත් කණගාටුවට කරුණක්... පොලිස් නිල ඇඳුමත් හැඳුනුම්පතත් තිබූ පමණින් හැම දෙයක්ම පොලිසියට කරන්න පුලුවන් කියලා හිතන්න එපා... විනිසුරු මඩුල්ල පොලිසියට අවවාද කරයි!

by editor
මාර්තු 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සති දෙකක් තුළ දෙවැනි වරටත් සිවිල් වැසියන්ගෙන් අධිකරණය ඉදිරියේ වැඳ සමාව ගැනීමට පොලිසියට සිදුවූයේය.

මින් සති දෙකකට පෙර අධිකරණය ඉදිරියේ නාරාහේන්පිට පොලිස් ස්ථානයේ  පොලිස් සැරයන්වරයෙක් ඇතුළු පොලිස්  නිලධාරීන් තුන් දෙනෙක්   සිවිල් වැසියෙකුට වැඳ නමස්කාර කර සමාව ගත්තේය.   අනතුරුව දෙවැනි සිද්ධිය ලෙස අද (01) අධිකරණය ඉදිරියේ සිවිල් වැසියන් තිදෙනෙකුට වැඳ සමාව ගන්නේ කොල්ලුපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂවරයෙකි.

සිද්ධීය සම්බන්ධව අධිකරණයේ ගොනුවූ පැමිණිල්ලේ කියැවුනේ  වර්ෂ 2021 වසරේ දී කොල්ලුපිටිය පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි චූදිත උප පොලිස් පරික්ෂකවරයා එක්තරා පුද්ගලික ආයතනයක් තුළ අභ්‍යන්තර විනය පරීක්ෂණයක් පැවැත්වෙමින් ඇති අවස්ථාවක  සිවිල් ඇඳුමින් සැරසී ගිනි අවියක් ද අතැතිව තවත් පොලිස් නිලධාරීන් කීප දෙනෙක් සමග එම පුද්ගලික ආයතනට අයුතු ලෙස  කඩා වැදුන බවය.

ඉන් පසු විනය පරීක්ෂණය පවත්වමින් සිටි නීතිඥවරයාටත්, එම ආයතනයේ මානව සම්පත් කළමනාකරුට සහ සහකාර මානව සම්පත් කළමණාකරුටත් මරණ තර්ජන එල්ල කරමින් අයුතු ලෙස හැසිරී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවය මෙම උප පොලිස් පරික්ෂවරයා වගඋත්තරකරු කිමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනු කර තිබිණි. පෙත්සම මොහොමඩ් ලෆාර් සහ කේ.කේ. ඒ.වී ස්වර්ණාධිපති යන  විනිසුරු මඩුල්ල හමුවේ විභාග වූයේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

අදාල පෙත්සම අද (01) විභාගයට ගැනුණු අවස්ථාවේ දී අගතියට පත් පාර්ශවයෙන් සංහල ක්‍රමයට  වැඳ අචාර කර සමාව ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය උප පොලිස් පරික්ෂකවරයාට නියෝග කළේය.

අදාල උප පොලිස් පරීක්ෂකවරයා අද එසේ සමාව ගත්තේ නීතිඥ මියුරු ඉගලහේවා සහ අදාල පුද්ගලික ආයතනයේ මානව සම්පත් කළමනාකරු සහ සහකාර මානව සම්පත් කළමනාකරුගෙනි.

අධිකරණයෙන් පොලිසියට දැනෙන සුළු අවවාදයක්

තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය පොලිසියට දැනෙන සුළු පණිවිඩයක් ලබා දුන්නේය. විනිසුරු මඩුල්ල අවධාරණය කර සිටියේ මෙම තීන්දුව පොලිසියට කරන අපහාසයක් නොවන බවත් මෙවැනි තීන්දුවක් ලබාදීමට සිදුවීම කණගාටුවට කරුණක් බවත්ය.

පොලිස් නිලධාරීන් රාජකාරි කටයුතු කිරිමේ දී පොලිස් රෙගුලාසි, නීති රීති අනුව කටයුතු කළ යුතු බවත් පොලිස් නිල ඇඳුම සහ නිල හැඳුනුම්පත ඇතනම් අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකිය යන මානසිකත්වයෙන් පොලිසිය ඉවත් විය යුතු බවත් විනිසුරුවරු අවධාරණය කළහ.

මෙවැනි තත්ත්වයන් තුළ  පොලිස් දෙපාර්තමේන්තුව විෂයෙහි ජනතා විශ්වාසය බිඳවැටී ඇති ආකාරය පෙන්වා දුන් අධිකරණය ජනතාවට මූලික අයිතිවාසිකම්   ඇති බවත්, එම අයිතිවාසිකම් වෙනුවෙන් කතා කිරීමට ජනතාවට අයිතියක් ඇති බවත්  කීවේය. විනිසුරු මඩුල්ල පෙන්වා දුනනේ  අගතියට පත්  පාර්ශවය මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළේ නම් සිද්ධිය සම්බන්ධව වන්දි ලබා ගැනීමට පවා හැකියාව තිබූ තිබූ බවය.

මෙවැනි තතත්ත්ව ඇති වන්නේ අනවශ්‍ය ලෙස බලය පාවිච්චි කිරීම නිසා බව කී විනිසුරුවරු  පොලිස් නිලධාරීන් රාජකාරි කටයුතු සහ වැටලීම්වලට යෑමේදී නිල ඇඳුම සහ නිල හැඳුනුම්පත පාවිච්චි නොකරන්නේ නම්   එම වැටලිම් නිල රාජකාරි වැටලීම් නොව පාතාල වැටලීම් ලෙස මිනිසුන් අර්ථකථනය කරගන්නා බව පෙන්වා දි   රටේ රාජ්‍ය නිලධාරීන් ඒ ආකාරයට ක්‍රියා නොකළ යුතු බවට අවවාද  කළේය.

පැමිණිල්ලක් ලද පමණින් වැටලීම් නොකර කරුණු සොයා බලා පරික්ෂණ කටයුතු මෙහෙයවිය යුතු බවට  අවවාද කළ විනිසුරු මඩුල්ල මේ සිද්ධිය සම්බන්ධව අදාල පුද්ගලික ආයතනයේ ආරක්ෂක  නිලධාරීන්ගෙන්  කරුණු විමසීමේ හැකියාව තිබී ඇති බව ද කීවේය.

නැවත මෙවැනි ආකාරයෙන් කටයුතු නොකරන ලෙස උප පොලිස් පරීක්ෂකවරයාට අවවාද කළ විනිසුරු මඩුල්ල අගතියට පත් පාර්ශවයෙන්  සිංහල ක්‍රමයට වැඳ ආචාරකර සමාව ගන්නා ලෙස  නියෝග කළේය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අහුංගල්ලේ දී ලොකු පැටීගේ කල්ලිය හිසට වෙඩි තබා ඝාතනය කරන සුජීගේ ඥාතියා අපරාධවලට සම්බන්ධයක් නැති අහිංසකයෙක්… ජීවිතයෙන් වන්දි ගෙව්වේ සුජීගේ ඥාතියෙක් නිසා!

Next Post

ඉන්දියාවේ බැංගලෝර් අවන්හලක බෝම්බ පිපිරීමක්… 09කට තුවාලයි!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.