අමායා උඩුවැරැල්ල
අද (01) දහවල් ඉන්දියාවේ බැංගලෝර් ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආපන ශාලාවක් වන රාමේෂ්වරම් කැෆේ හි පිපිරීමක් සිදු ව ඇති අතර ඉන් පුද්ගලයින් 9 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
කර්නාටක ප්‍රධාන අමාත්‍යවරයා විසින් එය බෝම්බ පිපිරීමක් බව තහවුරු කර තිබෙනවා. ආපන ශාලාවෙන් ලබාගත් CCTV දර්ශනවල පුද්ගලයෙකු කැෆේ පරිශ්‍රය තුළ බෑගයක් තබන ආකාරය සටහන් ව තිබෙනවා.
මාධ්‍ය වාර්තා කරන ලෙස එම බෑගය තුළ තිබී වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍යයක් සොයාගත් බව පොලිසිය විසින් මහ ඇමැතිවරයාට දන්වා තිබෙනවා. බෑගය දමා ගිය පුද්ගලයා ආපන ශාලාවේ මුදල් කවුන්ටරයෙන් ටෝකනයක් ද ලබාගෙන ඇති බව සඳහන් වනවා.
ඒ අනුව මුදල් අයකැමිවරයාගෙන් ප්‍රකාශ ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතයි.