සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සටන් විරාම යේ ඝාතන රැල්ල… ඊශ්‍රායලය ගාසා වැසියන් 31ක් ඊයේ දිනය තුළ මරා දමයි…  සටන් විරාම කාලය තුළ සිදුකළ ඝාතන ප්‍රමාණය 500 ඉක්මවයි…

by editor
පෙබරවාරි 1, 2026
in පුවත්
gaza

ඛාන් යුනිස් හි බටහිර ප්‍රදේශයේ පලස්තීනුවන් රැඳී සිටින අවතැන් කඳවුරකට සෙනසුරාදා ඊශ්‍රයාල ප්‍රහාරයක් එල්ල වුන අයුරු...

Share on FacebookShare on Twitter
  • මේ වනවිට ගාසා වැසියන් 70000කට වැඩි ප්‍රමාණයක්  ඝාතනය කළ බව ඊශ්‍රයාල හමුදා පිළි ගනී… ඔවුන්ට අනුව මේ 70000 ඝාතනය කර ඇත්තේ අතුරුදහන් වූවන් ගණනය නොකරයි…

  • සටන් විරාමය ක්‍රියාත්මක වූ පසු එක් දිනක ඝාතනය කළ වැඩිම සංඛ්‍යාව  වාර්තා වන්නේ සෙනසුරාදායි… ඝාතනය වූවන්ගෙන්  හතරෙන් එකක් දරුවන්… තුනෙක් එකක් කාන්තාවන්…

  • පසුගිය සෙනසුරාදා ගාසා තීරය පුරා ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින්  31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙය පසුගිය මාස දෙකක කාලය තුළ එක් දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවය.

මියගිය පිරිස අතර ළමුන් හය දෙනෙකු  සිටින බවත්, තවත් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා ඇති බවත් අමාත්‍යාංශය සඳහන් කළේය. තුවාල ලැබූවන් අතර කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

සටන් විරාමය මධ්‍යයේ සිදුවන ප්‍රහාර

“ඔක්තෝබර් මැද භාගයේදී සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද, මෙම ප්‍රහාර එල්ල වී තිබේ. සටන් විරාමයෙන් පසුව ගාසාවේ මියගිය පලස්තීනුවන් සංඛ්‍යාව මේ වන විට  500 ඉක්මවා ඇත. “ගාසා සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රකාශක මහමුද් බසාල් පැවසුවේ:

  • සොයාගත් මළ සිරුරුවලින් හතරෙන් එකක් පමණ ළමුන් වේ.
  • තුනෙන් එකක් කාන්තාවන් වේ.
  • මියගිය අය අතර වැඩිහිටි පිරිමියෙකු සහ කාන්තා පොලිස් නිලධාරිනියන් සිව්දෙනෙකු  ද සිටින බව වාර්තා වේ.

ඊශ්‍රායල ප්‍රහාර මගින් අවතැන් වූවන්ගේ නවාතැන්, කූඩාරම්, නේවාසික මහල් නිවාස සහ පොලිස් ස්ථානයක් ඉලක්ක කර තිබේ.  සුන්බුන් යට තවත් පිරිසක් සිරවී සිටින බව මහමුද් බසාල්   වැඩිදුරටත් පැවසීය.

අල්-ෂිෆා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මොහොමඩ් අබු සල්මියා පැවසුවේ බරපතල තුවාල ලැබූවන් රෝහල් ගත කිරීම හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවය.

ඊශ්‍රායල ආරක්ෂක අංශයේ (IDF) ප්‍රකාශය

හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් ඉලක්ක වෙත මෙම ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි. සිකුරාදා දිනයේ සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් සටන්කාමීන් පිරිසක් රෆා ප්‍රදේශයේ උමං මාර්ගවලින් පිටතට පැමිණි බවට ඔවුන් චෝදනා කරයි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මරණ සංඛ්‍යාව පිළිබඳ ඊශ්‍රායලයේ පිළිගැනීම

මෙම ප්‍රහාර මධ්‍යයේ, ගාසා යුද්ධයේදී පලස්තීනුවන් 70,000ක් පමණ  මියගොස් ඇති බවත්, පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත බොහෝ දුරට නිවැරදි බවත් ඊශ්‍රායල හමුදාව දේශීය මාධ්‍යවේදීන් හමුවේ පිළිගෙන ඇති බව වාර්තා වේ.

“යුද්ධයෙන් ගාසා වැසියන් 70,000ක් පමණ මියගොස් ඇති බව අප ඇස්තමේන්තු කරනවා. මෙයට අතුරුදහන් වූවන් ඇතුළත් නැහැ”  යෙදියොත් අහ්රොනොත් (Yedioth Ahronoth) පුවත්පත උපුටා   ඊශ්‍රායල හමුදා නිලධාරීන්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් වාර්තා කළේය.

කෙසේ වෙතත්, ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙකු පැවසුවේ ප්‍රසිද්ධ කර ඇති මෙම දත්ත නිල හමුදා දත්ත නොවන බවය.

යුද්ධය ආරම්භයේදී ඊශ්‍රායලය පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පිළිබඳව සැක පළ කළ ද, දැන් ඔවුන්ගේම අභ්‍යන්තර ඇස්තමේන්තු එම දත්ත හා සමාන මට්ටමක පවතින බව පෙනී යයි. (CNN-ඇසුරින්)

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජිත් උපවාස භූමියේ පදිංචි වෙයි ද?… ඊයේ ලෙයින් සහතික ලියා දී අදත් උපවාස භූමියට ගිය සජිත් ගේ කතාව….

Next Post

2026 විස්සයි20 ලෝක කුසලානය: පකිස්ථානය ඉන්දියාව සමඟ තරගය වර්ජනය කිරීමට තීරණය කරයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.