සමගි ජන බලවේගය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි.
එම විශේෂ නිවේදනයේ සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, එජාප මහලේකම් නීතීඥ තලතා අතුකෝරල, ජනාධිපති නීතීඥ රොලන්ඩ් පෙරේරා අදාළ ත්‍රිපුද්ගල කමිටුවට ඇතුළත්වන බවය.
අදාළ නිවේදනය මගින් එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව







