යෝජිත සංශෝධනයට අනුව නව විදුලි ගාස්තුව අද පවතින මිලට වඩා වැඩි වන නමුත් එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා දළ වශයෙන් 5.4% ක් අඩු බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි.
මෙයට හේතුව වන්නේ 2025 වසරේ මුල භාගයේදී ලංවිම විසින් විදුලි පාරිභෝගිකයන්ට සහනයක් වශයෙන් 20% ක විදුලි ගාස්තු පහත හෙළීමක් සිදු කිරීම බව ද විදුලි බල මණ්ඩලය කියයි.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, විදුලි ඒකකයක සාමාන්‍යය විකුණුම් මිල රුපියල් 24 ක් දක්වා පහත වැටුණ බවත් නව ගාස්තු සංශෝධන යෝජනාව, මෙම පහත හෙළන ලද විදුලි ගාස්තු යටතේ 2025 වසරේ මුල් භාගයේ දී ලංවිම ලැබූ අව-ප්‍රලාභය අඩ වශයෙන් පමණක් නිවැරදි කිරීමක් බවත් එම මණ්ඩලය පෙන්වා දෙයි.
එබැවින් නව යෝජිත ගාස්තුව 2025 වසරේ ජනවාරි මස තිබූ විදුලි ගාස්තුවට වඩා අඩු එකක් වනු ඇති බවට විදුලි බල මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා තිබුණේ විදුලි බිලේ 18.3%ක වැඩිවීමකි.
විදුලි බිල පිළිබඳ විදුලි බල මණ්ඩලය නිකුත් කළ නිවේදනය මෙසේය.








