පානදුර සුමිත් පොතුපිටිය
බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක විසින් මිළදී ගත් ස්ටර්ලිං පවුම් 18500 ක වටිනාකමකින් යුත් වළලු සහ කරාබු ඇතුළු ස්වර්ණාභරණ තොගයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව කළුතර උතුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
කළුතර උතුර සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටින බ්‍රිතාන්‍ය ජාතික ලින්ඩා බ්‍රව්මන් නැමැති මෙම කාන්තාව විසින් ඊයේ (28) රාත්‍රි කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කල බව පොලිසිය සඳහන් කරයි.
පැමිණිලිකාර කාන්තාව තමා නවාතැන් ගෙන සිටි හෝටලයේ සිට ත්‍රිරෝද රථයකින් අලුත්ගම ප්‍රදේශයට ගොස් එහි ප්‍රධාන ස්වර්ණාභරණ අලෙවි සැලකින් රන් ආභරණ මිළදී ගෙන ඇති බවත් එහිදී සංචාරක මගපෙන්වන්නන් ලෙසින් කටයුතු කළ දෙදෙනෙකු ඇය රන් ආභරණ ලබාගත් බවට ප්‍රකාශ ලබාදී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
රන් භාණ්ඩ වල වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ අසු තුනකට අධික බවද සදහන් වේ.
කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.







