බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංගිත පාඩමට එන්නේ නැතිව ගුරු නිවාසයේ නිදන් සිටි ගුරුවරිය එක්ක එන්න ගිය දරු පිරිසකට ඇය අමානුෂිකව පහර දීලා… එක් දැරියක් රෝහලේ!

by editor
අගෝස්තු 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

කරන්දෙණිය, දිවිතුර වත්ත ද්‍රවිඩ පාසලේ හය වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් දෙලොස් දෙනෙකුට එම විදුහලේ ගුරුවරියක් පහර දී තිබෙන අතර එයින් දරුණු ලෙස පහර කෑමට ලක් වූ එක් සිසුවියක් ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. 

මෙම රෝහල් ගතකිරීමේ හා පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා (11) ඇල්පිටිය පොලිසියට ලැබුණ පැමිණිල්ලක් මත පොලිස් පරික්ෂණ ආරම්භ කල බව ඇල්පිටිය පොලීසිය කියයි.

මෙසේ පහර කෑමෙන් රෝහල් ගත කර ඇත්තේ දිවිතුරුවත්ත ද්‍රවිඩ පාසලේ 06 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන විදුනි සංජනා නැමැති එකොලොස් හැවිරිදි දැරියයි.

රෝහල් ගත කරන දැරියගේ පියා වන එම් මෝගන් මුරලි නැමැති අය විසින් ඇල්පිටිය පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. 

දරුවන්ට ගහපු පාරවල් දරුවන්ගේ කකුල්වල, පිටුපස ප්‍රදේශයේ සහ පිටේ ඇතුළු ශරීරයේ විවිධ තැන්වල තිබෙන බවත් ඇතැම් පහරවල් පෙන්වීමට නොහැකි තැන්වලද තිබෙන බවත් එම් මෝගන් මුරලි නැමැති අය ප්‍රකාශ කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

පාසැලේ සංගීත ගුරුවරිය පසුගිය බ්‍රහස්පතින්දා (10) දින ඇයගේ නිල නිවාසයේ විවේක ගනිමින් නිදාගෙන සිටිය දී හයවැනි ශ්‍රේණියේ දරුවන් 06 වන කාලපරිච්ජේදයේ දී ඔවුන්ට නියමිත සංගීත විෂයට ගුරුවරිය නොමැති වීම නිසා ඒ බව වෙනත් ගුරුවරියකට පවසා තිබේ. 

එම ගුරිවරියගේ උපදෙස් පරිදි සිසු සිසුවියන් සංගීත ගුරුවරියගේ නිල නිවාසයට ගොස් සංගීත පාඩම ගැන මතක් කර තිබෙන බව දරුවන් ප්‍රකාශ කරයි. එසේ කිරීම හේතුවෙන් ඊට උරණ වී සංගීත ගුරුවරිය උණ ලීයක් රැගෙන විත් දරුවන්ට අමානුෂිකව පහර දී තිබෙන බව පහර කෑමට ලක් වූ දරුවන්ගේ දෙමාපියන් විසින් ඇල්පිටිය පොලීසියට කරන ලද පැමිණිල්ලේ සදහන් වේ.

ඇල්පිටිය පොලිසියට ලැබුණ පැමිණිල්ල විභාග කිරීම සදහා සිකුරාදා (11) පොලිස් නිලධාරීන් දිවිතුරවත්ත පාසැලට ගොස් තිබෙන අතර දහවල් 12.30 වන තෙක් අදාල ගුරුවරිය නොපැමිණි බවත් සිය දරුවන්ට හා දෙමාපියන්ට එතෙක් කුසගින්නේ කාලය ගත කිරීමට සිදු වූ බවත් දෙමාපියන් කියයි. 

මෙසේ දරුණ ලෙස පහර කෑමට ලක් වූ දැරිය ශ්වසන අබාධිත තත්ත්වයෙන් පෙලීම හේතුවෙන් මීට පෙර දින 11 කට අධික කාලයක් රෝහල් ගත් වී ප්‍රතිකාර ලබාගෙන තිබෙන බවත් එම ප්‍රතිකාර වලින් පසුව නැවත එදින පාසැල් පැමිණ තිබෙන බවත් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි ඇල්පිටිය පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් දිවිතුර වත්ත ද්‍රවිඩ පාසලේ ප්‍රකාශිකාවක් පැවසුවේ ඔය සිද්ධියට අදාලව අසනීප තත්ත්වයෙන් පසුවන දරුවෙක් රෝහල් ගත වී තිබෙන බවත් ඒ නිසා සිද්ධියට අදාල තොරුතුරු සම්බන්ධයෙන් පොලීසියෙන් විමසන ලෙසත්ය. මේ සම්බන්ධයෙන් දරුවන්ගේ දෙමාපියන් විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙන බවද එම ප්‍රකාශිකාව වැඩි දුරටත් සදහන් කළාය.

ඇල්පිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂක පුබුදු මල්වර ආරච්චිගෙන් කළ විමසීමක දී ඔහු මෙසේ කීවේය.     

සිද්ධිය සම්බන්ධයෙන් මම දන්නේ නැහැ. මම දැනගත්තේ මාධ්‍යයෙන් ඇහුවට පස්සෙයි. මම හොයල බලන්නම්. දෙමාපියන්ට කියන්න මටත් පැමිණිල්ලක් කරන්න කියල, යනුවෙන් ප්‍රකාශ කළේය.

ඇල්පිටිය පොලීසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනියගෙන් කළ විමසුමක දී ඇය මෙසේ කීවාය. 

“ මේ සම්බන්ධව චෝදනා ලබා ඇති ගුරුවරියට කතාකල හැක්කේ ද්‍රවිඩ භාෂාව පමණයි. පැමිණිල්ල විභාග කරන්න ගියත් ඒ නිසා අපිට මොකුත් කරන්න බැරි වුණා. අපිත් අසරණ වුණා. ” ඇය කීවාය. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිවුලපතාන ආදිවාසී ඇත්තනුත් සෙන්තිල් ගේ නියමයෙන් වගා බිම්වලින් එළියට!…

Next Post

LPL පිටියේ පෙරළිකාර ජයග්‍රහණ දෙකක්….

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.