සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිවුලපතාන ආදිවාසී ඇත්තනුත් සෙන්තිල් ගේ නියමයෙන් වගා බිම්වලින් එළියට!…

ලෝක ආදිවාසී සමුළුවට මේ අවනඩුව ඉදිරිපත් කරන බව ආදිවාසී නායක මොරාන වරිගේ ගුණවර්ධන ඇත්තෝ කියති...

by editor
අගෝස්තු 13, 2023 - Updated on අගෝස්තු 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

වසර ගණනාවක සිට හේන් වගා කරමින් ජීවිකාව ගෙනගිය තමන් එම ඉඩම් වලින් පලවා හැරීමට, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන්ගේ, උපදෙස් අනුව ක්‍රියා කරමින් සිටින බව මහවැලි බී කලාපයේ මාදුරුඔය දිවුලපතාන ගම්වාසීහු චෝදනා කරති. 

යුද්ධය නිමාවීමෙන් අනතුරුව තමන් දෙහිඅත්තකණ්ඩිය, සඳුන්පුර, මාවනාවෙල, හේනානිගල, රතුගල, දඹාන, රත්කිඳ, ඇතුළු ප්‍රදේශවලින් පැමිණ 2009 සිට වර්ෂා ජලයෙන්  හේන්වගාව   නිදහසේ සිදුකරගෙන ගියද එය වළක්වා තමුන් වගා බිම් වලින් පන්නා දැමීමට කටයුතු කරන බව එම ගොවීහු පවසති.

දිවුලපතාන ගම්මානයේ ආදිවාසි නායක මොරාන වරිගේ ගුණවර්ධන

නැගෙනහිර පළාතේ කිරි ගවයින් මෙම භූමියට නිදහස් කිරීමේ අරමුණින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්  ගේ උපදෙස් අනුව ශ්‍රි ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලයේ නිලධාරීන් පිරිසක්  කටයුතු කරන බවද දිවුලපතාන ගම්මානයේ ආදිවාසි නායක මොරාන වරිගේ ගුණවර්ධන   සඳහන් කළේය.

1983 වර්ෂයේ පැවති යුදමය වාතාවරණය සමග ප්‍රදේශයේ පාරම්පරික හේන් වගාවේ නිරත පවුල් 1800 කට වැඩි පිරිසක් විවිධ පළාත්වලට විසිරී ගිය බව බව ඔහු පැවසුවේය.

යුද්ධය නිමාවීමත් සමඟ 2009 වසරේ පැමිණි තමන් හේන් වගාවේ නිරත වු මේ වෙනවිට එම භූමි වලින් තමන් පලවා හැරීමට ක්‍රියා කිරීම බරපතළ මානව හිමිකම් කඩවීමක් බවද මොරාන වරිගේ ගුණවර්ධන   කීවේය,

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දිවුලපතාන ගම්මානයෙ අද (13)  පැවති මාධ්‍ය හමුවකදී ආදිවාසී නායකයා මේ බව පැවසුවේය.

දිවුලපතාන ගම්වාසීන් මාධ්‍ය හමුවේ කරුණු දක්වමින්…

දිවුලපතානන ගම්මානයේ පවුල් 50ක් පමණ යන එන මං නොමැතිව අසරණ වී සිටින බවත්, වර්ෂා කාලයේදී තමන් වට්ටක්කා කැකිරි, පිපිඤ්ඤා, මඤ්ඤොක්කා, තල,කුරහං, වී, වගාව ඇතුළු විවිධ හේන් වගාවන් සිදුකර ගෙන ගිය බවත්, ඔහු පැහැදිලි කළේය.

වර්ෂාව  නොමැති කාලවලදී ඉදල්, කොහු,වංගෙඩි නිෂ්පාදනය කරමින් ජීවිකාව කරගෙන ගිය බව කී ආදි වාසී නායකයා  මාදුරුඔය දිවුලපතානට කිරි ගවයින් මුදා හැරීමේ අරමුණින්, තමන් ප්‍රදේශයෙන් පලවා හැරීම බරපතළ අසාධාරණයක් යැයි පෙන්වා දුන්නේය.

පලවා හරින්නට හදන ගැමියන්ගේ දූගී නිවාස..

ඊට රජය මැදිහත්වී කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් තම ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලාඇත්තන් හරහා ආදිවාසී සමුළුවට මෙන්ම මානව හිමිකම් සංවිධානවලට මේ පිළිබඳව දැනුම්දීමට කටයුතු කරන බවද මොරාන වරිගේ ගුණවර්ධන   කීය.

තමන් ඉල්ලන්නේ රජයෙන් අස්වැසුමවත්, රැකියාවන් හා  ආධාරවත් නොව ජීවත්වෙන විමේ අයිතිය වෙනුවෙන් හේන් වගා කටයුතු කරමින් බඩ වියත රැකගැනීමේ අයිතිය බවද දිවුලපතාන ගම්වාසීහු සඳහන් කළහ.

වසර ගණනාවක සිට හේන් වගාකරමින් පදිංචිව සිටි මෙම දිවුලපතාන ගම්වාසීන් බලහත්කාරයෙන් ඉවත් කිරීම පිලිබඳ අප ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර සුගත් වීරසිංහගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ඔවුන් පදිංචිව සිටින්නේ නීතියානුකූලව නොවන බවය.

එම ඉඩම් රජයේ බවත්, ප්‍රදේශවල අදාල පුද්ගලයන් මායිම් සලකුණු කර ගනිමින් සිටින බවත්, ඉදිරි වර්ෂා කාලයේදී ඒ පවුල් සඳහා බඩඉරිඟු වගා කිරීමටවත් අවස්ථාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන බවත් ඔහු පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රාජ්‍ය ඖෂධ නීතිගත නිශ්පාදන සංස්ථාව නිශ්පාදනය කළ  ප්‍රමිතියක් නැති ඖෂධ ඛාණ්ඩ 40කුත්  භාවිතයෙන් ඉවත් කරලා…

Next Post

සංගිත පාඩමට එන්නේ නැතිව ගුරු නිවාසයේ නිදන් සිටි ගුරුවරිය එක්ක එන්න ගිය දරු පිරිසකට ඇය අමානුෂිකව පහර දීලා… එක් දැරියක් රෝහලේ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.