බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෂම්මිලා නිරුවත්වන ලකුණු… ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය නීත්‍යනුකුල නොවන බවට හිටපු උපසභාපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

by editor
ජූනි 23, 2025
in පුවත්
Shammi
Share on FacebookShare on Twitter
  • ක්‍රිකට් ආයතනයේ පත්වූ නිලධාරීන්ගේ වත්කම්, සභාපති ඇතුළු සියලු පත්වීම් අවලංගු කර නැවත නිලවරණය පවත්වන්නැයි නියෝගයක් ඉල්ලයි

  • නිලවරණයක් පැවැත්වීමට අමතරව 1973 අංක 25 දරන ක්‍රීඩා පනතට එක්කළ නව රෙගුලාසි ප්‍රකාරව නාමයෝජනා දිනට පෙර වසර තුනක වත්කම් සහ වගකීම් ප්‍රකාශය ඉදිරිපත් කරන ලෙසත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවිධිමත් ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් පවත්වන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025-2027 කාල සීමාව සඳහා නිලධාරීන් තෝරා පත්කරගැනීමේ නිලවරණය පැවැත්වූ ආකාරය අභියෝගයට ලක් කරමින් එහි හිටපු උපසභාපතිවරයෙකු වන කේ. මතිවානන් ශ්‍රේෂ්ඨාධිකරණයට විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම සලකා බැලීම සඳහා ලබන 26 වැනිදාට දින නියම කර තිබේ.

SC/FR -103/2025 අංක දරන එම මූලික අයිතිවාසිකම් පෙත්සම කේ. මතිවානන් විසින් ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයට පත්වූ ෂම්මි සිල්වා ඇතුළු නව නිලධාරී මණ්ඩලයේ සියලු පත්වීම් අවලංගු කර නැවත නිලවරණයක් පවත්වන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙසය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඇතුළු විධායක කමිටුව, නිලවරණ කමිටුවේ සාමාජිකයින්, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්, විගණකාධිපති, නීතිපතිවරයා ඇතුළු 31 දෙනෙකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

නැවත නිලවරණයක් පැවැත්වීමට අමතරව 1973 අංක 25 දරන ක්‍රීඩා පනතට එක්කළ නව රෙගුලාසි ප්‍රකාරව නාමයෝජනා දිනට පෙර වසර තුනක වත්කම් සහ බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කරන ලෙසත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවිධිමත් ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් පවත්වන ලෙසත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්කම් භාවිත කිරීම සහ/හෝ වෙන් කිරීම සහ/හෝ බෙදා හැරීම සහ/හෝ නිලධාරීන්ගේ ඕනෑම ක්‍රියාවක් සිදු කිරීම අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යවරයාට නියෝග කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මගින් සහතික කර ඇති පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත්/හෝ වහාම උල්ලංඝනය කර ඇති බවත්/හෝ අඛණ්ඩව උල්ලංඝනය වෙමින් පවතින බවත් ප්‍රකාශ කරන ලෙසත්, නිලවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමට සහ විරෝධතා ගොනු කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ක්‍රීඩා නීතියේ 39 වන වගන්තිය යටතේ 2 වන සිට 8 වන
වගඋත්තරකරුවන්ගේ වැරදි සම්බන්ධයෙන් 31 වන වගඋත්තරකරුගෙන් ස්වාධීන විගණන වාර්තාවක් ඉල්ලා සිටීමට නියෝග කරන ලෙසත් 2023 දෙසැම්බර් සහ 2024 දෙසැම්බර් මාසයෙන් අවසන් වන වසර සඳහා 1 වන වගඋත්තරකරු සංගමයේ ගිණුම් සම්බන්ධයෙන් 2 වන සිට 8 වන වගඋත්තරකරු වෙත ඉදිරිපත් කරන ලද විගණන විමසුම් 31 වන වගඋත්තරකරුට යොමු කරන ලෙස නියෝග සහ අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණ ක්‍රියාදාමය දෝෂ සහගත බව, එතෙක් අනුමත නොවුණු ගැසට් පත්‍රයකින් නිලවරණය කැඳවීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සුදුසුකම් නොමැති පුද්ගලයින් ධුර දැරීම, නිලවරණයේදී නාමයෝජනා සහ විරෝධතා සඳහා අභියාචනා කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අභියාචනා කමිටුව පත් කර නොතිබීම සහ ඔම්බඩ්ස්මන් (දුක්ගන්නාරාළ) පත් කර නොතිබීමෙන් අභියාචනා කිරීමට අවස්ථාවක් නොදීම, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ප්‍රතිරූපය නැංවීම සඳහා ස්මාට් යූත් ප්‍රසංග මාලාව ඇතුළු අවිධිමත් සැකයට තුඩුදෙන ගනුදෙනු රැසක් සිදු කර තිබීම, විගණන වාර්තා නිසි කලට ලබා නොදීම ඇතුළු චෝදනා 125ක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් එල්ල කර ඇත.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

එමෙන්ම කේ. මතිවානන් තමාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට තරග කිරීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙතද HRC/HO/1405/25 යන අංකය යටතේ පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කරයි!

Next Post

කිරි හරක් මගඩිය – හිටපු අමාත්‍යාංශ ලේකම් රේණුකා ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.