බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෂම්මි මරණ තර්ජන කළැයි පොලිසි ගිය අනුර වීරසිංහට වෙච්චි වැඩේ… රස්සාවත් ඉවරයි!

by editor
අගෝස්තු 18, 2023
in පුවත්
Shammi-Silva
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි  සිල්වා විසින් තමාට මරණීය තර්ජන එල්ල කළ බවට මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් කළ  බස්නාහිර පළාත්  ක්‍රිකට් සංගමයේ ලේකම්  සහ කළුතර පී.සී.සී කණ්ඩායමේ හිටපු සභාපති අනුර විරසිංහට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රැකියාවත් අහිමි කිරීමේ ප්‍රති ප්‍රහාරයක් ෂම්මි ගෙන් එල්ල වී ඇති බව  ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

විවිධ මත ගැටුම් හේතුවෙන්   දිගින් දිගටම අනුර වීරසිංහට එරෙහිව ශම්මි  සිල්වා ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සරා කුසලාන තරගාවලියේ ශූරතාවය දිනා ගත් කළුතර පී.සී.සී කණ්ඩායමට ලැබිය යුතු උසස්වීම නොලැබී තිබිණි.  ඔවුන්ට  ලැබිය යුතුව තිබුණේ ප්‍රිමියර් ලීග් බී ඛාන්ඩයට උසස් වීමකි.

එම උසස්වීම ඉල්ලූ නමුත් කළුතර පී.සී.සී. වෙත එම අවස්ථාව ලබා නොදී ඔවුන්ට පහළින් ඇති කණ්ඩායම් වෙත උසස්වීම් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ අභිමතය  පරිදි  ක්‍රිකට් විශේෂ මහා සභා රැස්වීමේදී සිදුවී තිබිණි.

මේ තත්ත්වයට එරෙහිව අනුර වීරසිංහ නීති මගට ගොස් නඩුවක් පැවරුවේය. ඒ නඩු කටයුත්ත මේ වනවිට පැවැත්වෙමින් ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඒ අතර ෂම්මි   සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් නිලධාරියෙක් වූ සුජීව ගොඩලියැද්දගේ දුරකථනයෙන් අනුර වීරසිංහට බැණ තර්ජනය කර තිබිණි. ඒ මෙම නඩු කටයුත්ත පිළිබඳවය.

ඒ අවස්ථාවේ දී අනුර වීරසිංහ  මිරිහාන පොලිසියට ගොස්    ෂම්මි සිල්වා තමන්ට බැන තර්ජණය කළ බවට පැමිණිල්ලක් ගොනු කළේය.

පැමිණිල්ල විභාග කරන්නට ෂම්මි මිරිහාන පොලිසියට ගොස් අනුර වීරසිංහගේ පරණ සම්බන්ධය ද පවසා තමන්ට අනුරට බැන තර්ජනය කිරීමේ චේතනාවක් කිසිසේත්ම නොතිබුණු බව කියමින් අනුර වීරසිංහට අතට අත දි ගැටුම  සමථයකට පත් කරගත්තේය. ඒ අනුව අනුර තමන් විසින් ගොනුකළ පැමිණිල්ල ඉල්ලා අස් කරගත්තේය.

සමාදාන වී පැමිණ පැය 24ක් ගතවන්නට පෙර අනුර වීරසිංහ  ක්‍රිකට් ආයතනය තුළ ඔහු රැකියාව ලෙස කළ ජාතික ක්‍රිකට් සංවර්ධන කමිටුවේ සම්බන්ධීකාරක තනතුරින් ඉවත් කිරීමට විධායක මණ්ඩල තීන්දුවක් ගෙන ඔහුව රැකියාවෙන් නෙරපා හැර තිබේ.

විධායක මණ්ඩල රැස්වීම පවත්වන අතර ෂම්මි සිල්වා සුළු වෙලාවකට නැගිට ගොස් ජයන්ත ධර්මදාස මුලසුනේ හිඳගත් පසු ලබා දුන් පළමු තීන්දුව අනුර වීරසිංහ ක්‍රිකට් ආයතනයේ සියලු තනතුරුවලින් ඉවත් කිරිම බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

අනුර වීරසිංහ මේ වන විට බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් ලෙසද කටයුතු කරන අතර එහි වත්මන් සභාපති ධූරය උසුලන ෂම්මිගේ සීසීසී ක්‍රීඩා සමාජයේ නිලධාරියකු   ලවා අනුර එහි ලේකම් ධූරයෙන්ද  අස් කිරීමට කටයුතු සූදානම් කොට ඇතැයි ද දැනගන්නට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අතුරුදහන් වූ කොලොන්නේ ව්‍යාපාරිකයා මිරිහාන නිවසක සැඟව සිටිය දී පොලිස් අත් අඩංගුවට…

Next Post

නව පොල්පිටිය හම්බන්තොට සම්ප්‍රේක්ෂණ මාර්ගය අවට සරුංගල් යැවීමෙන් වලකින්න… විදුලිබල මණඩලයෙන් නිවේදනයක්!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.