කීර්ති ප්‍රනාන්දු –
අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් ඊයේ සවස පානදුරේදි අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයෙක් වූ ශෙහාන් මාලක ගමගේ රුපියල් ලක්ෂ 05 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි නියෛා්ග කළාය.
ඊට අමතරව සෑම මකසම ඉරු දින පෙරවරු 9 සිට 12 අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නටත් නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ශෙහාන් මාලක ගමගේට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පැනවූවාය.
ඔහුව අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ පසුගිය අගෝස්තු 11 දා මරදානෙ සාමයික හා සමාජීය කේන්ද්‍රයේ මාධ්‍ය හමුවක් පවත්වා රජය කෙරෙහි ජනතාවගේ අනාදරය ජනිතවන අයුරින් කටයුතු කිරීම නිසා සැකකරු දණඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය උල්ලංඝණය කර ඇති බවය.
කෙසේ වෙතත් එක්වරම කඩා පැන සුදු වෑන් රථයකින් අතරමගදී පැහැරගෙන යන්නාක් සේ කළ මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව සමාජයේ විවිධ පාර්ශවවල දැඩි දෝෂ දර්ශනයට ලක්වූයේය. කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ මේ පැහැර ගැනීම හෙලාදකින බව ප්‍රකාශ කළහ.







