අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශාෆ්ටර් ගේ ඝාතකයා වාහනය කනත්තට ඇතුළු කළේ මුරකරුවෙක් සිටින ගේට්ටුවකින්!… 

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි සමග ලංකාසර  කළ විශේෂ සම්මුඛ සාකච්ඡාව

by editor
දෙසැම්බර් 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සාකච්ඡා කළේ – ශ්‍රියානි විජේසිංහ – 

දිවයිනේ  ප්‍රමුඛ  ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්‌  අභිරහස්  ලෙස ඔහුගේ වාහනය තුළදීම අත්පා බැද බෙල්ලට වයරයක් දමා  මරා දමා තිබිණි.  ඔහු ජීවිතය සමග පොරබදමින් සිටියදී හමුවන්නේ බොරැල්ල සුසාන භූමිය තුළ තිබූ ඔහුගේ වාහනය තුළය.   බොරැල්ල සුසානභූමියට වාහනය ඇතුළු  කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ලංකාසර අපි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි සමග කෙටි සංවාදයකට එක් වුනෙමු. මේ දැක්වෙන්නේ අප ඇසූ ප්‍රශ්නවලට ඔහු ලබා දුන් පිළිතුරුය.

Ruwan-Wijayamuni
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි…
  • ආරක්ෂාව විවෘත ටෙන්ඩරයකින් භාර දීලා තියෙන්නෙ රක්නා ලංකා සමාගමට… ඒ වර්ෂ 2021 දි.  නගරසභා මුරකරු පිරිසකුත් ආරක්ෂ රාජකාරියේ යොදවලා ඉන්නවා…

  • ටෙන්ඩරය ප්‍රධානයේ දී මූලික කොන්දේසි දෙකක් ඉදිරිපත් කළා… අවමංගල්‍ය රථයකට හැර වෙනත් කිසිම රථයකට කනත්තට ඇතුළු වෙන්න බෑ… ඇවිදින්න අපහසු අයෙක් වෙනුවෙන් රථයක් ඇතුළු කළ හැකියි… නමුත්  ඔහු අදාල තැනින් බස්සවා වහාම පිටත් විය යුතුයි… රක්නා ලංකා සමාගම ආරක්ෂක ගිවිසුමේ  මූලික කොන්දේසි මුළුමනින්ම  උල්ලංඝණය කරලා…

  • කනත්තට තිබෙන්නෙ විවෘත කළ ගේට්ටු තුනයි… මේ තුනේම මුරකරුවො ඉන්නවා… මේ මිනීමැරුම් සිද්ධියට අදාල වාහනය කනත්ත්‍ට ඇතුළු වීමම ප්‍රෙහේළිකාවක්…

   

ප්‍රශ්නය –  බොරැල්ල සුසානභූමියේ ආරක්ෂාව පාලනය හා නඩත්තුව සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ඇත්තේ කොළඹ මහ නගර සභාවට.   පසුගියදා සුසානභූමිය තුළ  සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද?

පිළිතුර –  සුසාන භුමියේ පාලනය හා නඩත්තුව කොළඹ මහ නගරසභාවට අයත් වුණත් ආරක්ෂාව පවරා ඇත්තේ රක්නා ලංකා කියන පෞද්ගලික ආරක්ෂක සමාගමටයි . නමුත් අපි  ආරක්ෂාව සම්බන්ධයෙන් අධීක්ෂණය කරනවා. ඒ හැරුණු කොට සුසානභභූමියේ පාලනය සහ නඩත්තුව සිදුකරන්නේ නගරසභා සේවකයින් විසින්. කෙසේ නමුත් මේ සිදු්වීම සම්බන්ධයෙන් දැනටමත් පුලුල් පරික්ෂණයක් ආම්භ කර තිබෙනවා.

ප්‍රශ්නය – නගර සභවේ අධීක්ෂණය යටතේ ආරක්ෂක සේවාව ක්‍රියාත්මක වෙනවා නම් පසුගියදා සිදුවුණ සිදුවිම සම්බන්ධයෙන් ඔබට ගැටලුවක් මතුවෙනවා නේද? 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පිළිතුර – මේ සිදුවීම සිදුවුණ ආකාරය ප්‍රහේලිකාවක්. අපි දැනටමත් මේ සම්බන්ධයෙන් එදා එම පිවිසුම් දොරටුවේ සේවයේ නියුතු ආරක්ෂක නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරමින් සිටිනවා.  

මොකද අපි ආරක්ෂක සේවාව රක්නාලංකා සමාගමට ප්‍රසිද්ධ ටෙන්ඩරයකින් පවරා දෙන විට අදාල ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ කරුණු 7ක් සම්බන්ධයෙන්. ඒ කරුනු 7 අතරින් 2ක් ප්‍රධාන වෙනවා. ඒ තමයි සුසානභූමියට දේහයක් රැගෙන පැමිණෙන අවමලංගල්‍ය රථයකට හැර වෙනත් කිසිදු රථයකට ඇතුළු වීම සපුරා තහනම්. 

ඒ වගේම සානුකම්පිතව  බලා ඇවිදීමට අපහසු වයස්ගත පුද්ගලයෙකුට දේහය මිහිදන් කරන ස්ථානයට යාමට අවශ්‍යනම් ඒ පුද්ගලයාව එම ස්ථානයට ඇරලවිය හැකියි. ඇරලවූ වහාම  නැවත එම වාහනය පිටවිය යුතුයි.   ඒ තමයි කොන්දේසි දෙක. 

මේ වන විට වාහනයක් ඇතුළු වුණේ කොහොමද කියන එක බලනකොට  අපේ ගිවිසුම  උල්ලංඝණ වී ඇති බව පැහැදිලියි.   යම් ආරක්ෂකයෙක් ගිවිසුම උල්ලංඝණය වන ලෙස කටයුතු කර   තිබෙනවාද කියලා අපි ප්‍රශ්න කරනවා.

ප්‍රශ්නය – මෙම සිදුවීමෙදි  රක්නාලංකා ආරක්ෂක සේවකයින් යම් වරදක් කර තිබෙන්නේ නම්  ඔබ ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද?

පිළිතුර – මේ සම්බන්ධයෙන් යම් වරදක් වෙලා තියෙනවාද කියලා මුලින්ම සොයා ගත යුතුයි. අපි මේ සමාගමට ආරක්ෂාව පැවරුවේ වසර 2021දී.  එදා මෙදා කාලය තුළ ඉතාමත් හොදින් ආරක්ෂක කටයුතු සිදුකළා. ඒ නිසා මට ක්ෂණික තීරණයන් ගන්න බැහැ. මේ ගැන පුළුල්ව සොයා බලලා තමයි තීරණයකට එළඹිය යුතු වන්නේ .

ප්‍රශ්නය – වසර 2021දී ආරක්ෂාව රක්නාලංකා සමාගමට පැවරීමට පෙර සුසානභූමියේ ආරක්ෂාව භාරව  කටයුතු ක‌ළේ කවුද?

පිළිතුර – ආරක්ෂාව භාරව කටයුතු කළේ කොළඹ  නගර සභාවට අයත් මුරකරු කියන කණ්ඩායම.  ඒ අය වසර 2013දී කාර්යාල කාර්යය සහායක තනතුරුට මාරු කළා.  ඒ නිසා පුරප්පාඩු වුණ ආරක්ෂක සේවාව සඳහා ටෙන්ඩර් මගින් පෞද්ගලික සමාගමකට පැවරුවා. 

ප්‍රශ්නය – අදාල සිදුවීම සම්බන්ධයෙන් වූ වාහනය පිවිසුම් දොරටුවෙන් ඇතුළු වෙන විට එහි ආරක්ෂකයෙක් ඉඳලා නැතිද?

පිළිතුර  – ඒ පිවිසුම විවෘත කර තිබෙන්නක්. ඒ මොහොතේ ඒ පිවිසුමේ ආරක්ෂක නිලධාරින්  සේවයේ යෙදී සිට ඇතත්  අදාල වාහනය සුසාන භූමියට ඇතුළත් කරන විට එම ආරක්ෂකයා කොතැන සිටියේද යන්න පිලිබඳව අපි දිගින් දිගටම ප්‍රශ්න කරනවා.  

ප්‍රශ්නය – සුසානභූමියට ඇතුළත් වෙන්න පිවිසුම් මාර්ග කීයක් තියෙනවාද? 

පිළිතුර – පිවිසුම් මාර්ග 5ක් තියෙනවා. ඉන් දෙකක් සම්පුර්ණයෙන්ම වසා දමා තියෙනවා. විවෘත කර තියෙන්නේ දොරටු 3යි. මේ සිදුවීම සිදුවුණ දොරටුවත් විවෘතව පවතින එකක්.

ප්‍රශ්නය – සුසානභූමියේ ආරක්ෂාව සදහා නගර සභාවේ  කොපමණ සේවක පිරිසක් යොදවා තිබෙනවාද ?

පිළිතුර  -සෞඛ්‍ය පරිපාලක කෙනෙකු සේවයේ යොදවා තියෙනවා.ඊටත් ඉහළින් ළමණාකාර සහකාර කෙනෙක් යොදවා තියෙනවා . කම්කරුවන් 28ක් ‌සේවය සඳහා යොදවා තිබෙනවා. මේ සියලුම දෙනා අක්කර 44ක් පුරා විහිදී ගිය සුසානභූමිය තුළ සේවයේ යෙදී සිටිනවා.

සටහන – ශ්‍රියානි විජේසිංහ 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විදුලිබිල දෙගුණයකට ආසන්නව වැඩි කිරීමේ  යෝජනාව මහජන උපයෝගීතා කොමිසම මග හැර කැබිනට් අනුමැතියට!

Next Post

හිඟමනට වැටුණු තෙල් සංස්ථාව විගණනයත් හොල්මන් කරමින් කළ කොමිස් බෙදිල්ල…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.