ලංකාවේ ක්‍රිකට් වැටී ඇති අන්ත අසරණ තත්ත්වය ගැන සමස්ත ක්‍රිකට් ලෝලීන් පසුවන්නේ ඉමහත් කලකිරීමෙන්. සිල්වර්වුඩ් පලවා හැර ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරියව ඒ සඳහා පත් කිරීමෙන් සිදු වූයේ කබලෙන් ලිපට වැටීමක් බව වැඩි දෙනෙක් දැන් ප්‍රකාශ කරමින් සිටී.
ලංකාව සහභාගි වූ අවසන් තරග දහයම පරාජයට පත්වීම හා ඒ සියල්ල ඕස්ට්‍රේලියාව,එංගලන්තය,ඉන්දියාව හෝ දකුණු අප්‍රිකාව වැනි ප්‍රබල කණ්ඩායම් වලට එරෙහිව නොව අපට වඩා අඩු ශ්‍රේණිගත කණ්ඩායම් වලට එරෙහිව වීම විශේෂත්වයකි.
මේ ප්‍රතිඵලය ලැබෙන්නේ සනත් ඉල්ලන පරිදි තුන්කොන් තරගාවලි, හම්බන්තොට විශේෂ නේවාසික පුහුණු කඳවුරු, පවර් හිටින් විශේෂ පුහුණු කඳවුරු නව සහායක පුහුණුකරුවන් ඇතුළු සියල්ලම විශාල මුදලක් වියදම් කරමින් ක්‍රිකට් බලධාරීන් විසින් ලබා දී තිබියදී ය.
එනිසා මේ නින්දිත පරාජයන්වල වගකීම සනතුත් කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර හටගෙන ඇති අසමගිය හා මුරණ්ඩුව ට වගකීම කළමනාකරු හලංගොඩ විසිනුත් භාර ගත යුතුයි.
මීළඟට දිගින් දිගටම වැරදි තේරීම් සිදුකරන උපුල් තරංග ප්‍රමුඛ තේරීම් කමිටුව වහාම ඉල්ලා අස්විය යුතු බවට මතයක් ඇති වී තිබේ. උපුල් විසින් තම ගමට ,කුලයට අදින තේරීම් සිදුකරන බවට චෝදනාවක්ද ඇත.
ඒ අතර එක්තරා ආගමික නිකායක අනුගාමිකයන්ටද වැඩි අවස්ථාවක් ලැබෙන බව ක්‍රීඩකයෝම පවසති. එම නිකායේ අනුගාමිකයන් රැසක් දැනටමත් ක්‍රිකට් ආයතනයේ පරිපාලන හා පුහුණු අංශ වල ඉහළ මට්ටමේ තනතුරු දරති. විස්තර විචාරකයෝද ඒ අතර වෙති.
එසේ නොවේ නම් වැරදි තීරණ ගන්නා ක්‍රිකට් බලධාරීන් එහි වගකීම ගත යුතුයි.
ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි බොහෝ දෙනා පවසන්නේ නොඑසේනම් රජය මැදිහත් වී හෝ නව ප්‍රතිසංස්කරණයකට ප්‍රවේශය සකස් කළ යුතු බවය.







