ත්‍රස්ත විරෝධී පනතේ කෙටුම්පත සෑම මානව හිමිකම් මිණුම් ලකුණකින්ම නිශ්චිතවම අසාර්ථක බවත්, බයිඩන් පරිපාලනය ශ්‍රී ලාංකීය ජනතාවගේ අයිතිවාසිකම් අගය කරන්නේ නම් මෙම පනතට විරුද්ධව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පැහැදිලි පණිවිඩයක් යැවිය යුතු බවත් ‘ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ඒෂියා’ උපදේශන අධ්යක්ෂ කැරොලින් නෑෂ් පැවසුවාය.

ශ්‍රී ලංකා රජය විසින් යෝජිත ත්‍රස්ත විරෝධී පනතේ කෙටුම්පත් පාඨය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඇය මේ බව පැවසූ අතර මෙම නීතිය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කළ යුතු හෝ සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දිය යුතු බවට අවධාරණය කළාය.
ශ්‍රී ලංකා රජය දශක හතරකට වැඩි කාලයක් තිස්සේ විවේචකයින් සහ සුළු ජාතීන් රඳවා තබාගෙන වධහිංසා පැමිණුවීම සඳහා ත්රස්වාදය වැළැක්වීමේ පනත භාවිතා කළ අතර ජාත්‍යන්තර හෙළා දැකීම් හමුවේ ඔවුන් එම නීතිය අවලංගු කිරීමට කටයුතු කළ බවත් ඇය පවසා ඇත.
“මෙම කෙටුම්පත නීති කෙටුම්පත් කරන විට පරිපාලනය සහ කොන්ග්රසය නිශ්ශබ්ද වන්නේ නම්, විසම්මුතිය යටපත් කිරීමේ හැකියාව තවදුරටත් තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට ඔවුන් ඉඩ දේවි. යෝජිත නීති සම්පාදනය මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා නීති ප්‍රතිසංස්කරණ සඳහා දශක ගණනාවක් තිස්සේ පෙනී සිටි ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයට අපහාස කරන්නක්. මෙමඟින් රජය විවේචනය කරන්නන් ඉලක්ක කර ඔවුන් නිශ්ශබ්ද කිරීමට රජය ඇති හැකියාව ඉහළ නැංවීමේ උත්සාහයක්..” කැරොලින් නෑෂ් පවසා තිබේ.

මේ අතර ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් දකුණු ආසියානු පර්යේෂක ත්‍යාගි රුවන්පතිරණ සඳහන් කරන්නේ කෙටුම්පත්කරුවන් ත්‍රස්ත විරෝධී නීතියක් ගෙන ඒම සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් විසින් දක්වා ඇති මිනුම් සැලකිල්ලට ගෙන නැති බවයි.
“පසුගිය වසරේ මහජන විරෝධතා වලින් පසුව, එම ක්‍රියාකාරීන් ඉලක්ක කර ගැනීම සඳහා ත්‍රස්ත විරෝධී වැරදි වැරදි ලෙස භාවිතා කිරීමට රජය වඩාත් කැමැත්තෙන් සිටින බව පැහැදිලියි. සිවිල් ක්‍රියාකාරකම් ත්‍රස්තවාදී වැරදි ලෙස වර්ග කිරීමට උත්සාහ කිරීමේ නව උත්සාහයක් මෙමඟින් පිළිබිඹු වේ.”
නව පනත් කෙටුම්පතෙහි දීර්ඝ කාලයක් රඳවා තබාගැනීම සඳහා (වසරක් දක්වා) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන ඇත. නීතිපතිවරයාගේ ඉල්ලීම මත මහාධිකරණයට මෙම කාලය දීර්ඝ කළ හැකිය.
දැනටමත් අධිචෝදනා ලැබ අධිකරණ රක්ෂිත බන්ධනාගාරගතව සිටින අය වෙත පොලිසියට ප්‍රවේශය ලබා දෙන අතර මහේස්ත්‍රාත්වරයකු විසින් කරන ලද නියෝගයක බලය යටතේ වැඩිදුර විමර්ශන පැවැත්වීම සඳහා සැකකරුවන් රිමාන්ඩ් භාරයෙන් ඉවත් කිරීමට ද එමගින් හැකියාව ලැබේ.
වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට මෙම පනත් කෙටුම්පත මගින් හමුදාවට බලය ලබාදී ඇත. අධිකරණ අධීක්ෂණයකින් තොරව පුද්ගලයන් සහ සංවිධාන තහනම් කිරීම ඇතුළුව විධායකයේ පරීක්ෂා නොකළ බලතල එය රඳවා ගනී.
දඬුවම්වලට මරණ දඬුවම ඇතුළත් වන අතර, මෙම නීති කෙටුම්පත් සඳහා ඇම්නෙස්ටි සම්පූර්ණයෙන් විරුද්ධ වෙන බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙබ් අඩවිය වාර්තා කර ඇත







