ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ණය පහසුකම් සහිත පැකේජය අනුමත කිරීම සම්බන්ධව ප්‍රසාදය පල කරන ඇමරිකා එක්සත් ජනපදය යහපාලනය සහ විනිවිද භාවය ආමන්ත්‍රණය කරන ව්‍යුහාත්මක සහ කල් පවත්නා ප්‍රතිසංස්කරණ දැන් ශ්‍රී ලංකාවට අවශ්‍ය බව පෙන්වා දෙයි. .
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් ඊයේ (20) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ “ආර්ථික ප්‍රකෘතිමත් වීමේ මාවතේ වැදගත් ප්‍රවෘත්තියක් සහ වැදගත් පියවරක්” වාර්තා වී ඇති බවය.
2/2 Structural & lasting reforms that address good governance & transparency are critical to ensure all citizens of SL can prosper.
— Ambassador Julie Chung (@USAmbSL) March 20, 2023
ශ්‍රී ලංකා රජයට ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදුකිරීමටත්, වැඩපිළිවෙල සහ ආර්ථිකය නිසි පරිදි පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් අවසන් කිරීමටත් අවශ්‍ය වනු ඇතැයි ඇය ද පැවසුවාය.
ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ට සමෘද්ධිමත් විය හැකි බව සහතික කිරීම සඳහා යහපාලනය සහ විනිවිදභාවය ආමන්ත්‍රණය කරන ව්‍යුහාත්මක සහ කල්පවත්නා ප්‍රතිසංස්කරණ ඉතා වැදගත් බව ඇය සඳහන් කළාය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ද සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඩොලර් බිලියන 3 ක පමණ ආධාරයක් අනුමත කිරීම පිළිබඳව තමන් සතුටට පත්වන බවයි.







