ශ්‍රී ලංකා පොලිසිය GOV PAY යෙදුම හරහා මාර්ගගතව රථවාහන දඩ මුදල් ගෙවීමට පහසුකම් සැලසීම සඳහා නියමු ව්‍යාපෘතියක් දියත් කර තිබේ.
මෙම නියමු ව්‍යාපෘතිය අද (11) සිට මේ මස 30 වන දින දක්වා කුරුණෑගල, දොරටියාව, මැල්සිරිපුර, ගොකරැල්ල, ගලේවෙල, දඹුල්ල, මඩාටුගම, මරදන්කඩවල, කැකිරාව, තිරප්පනේ, කවරකුලම සහ අනුරාධපුර යන ප්‍රදේශ ආවරණය කෙරේ.
මෙම මුලපිරීම පොලිසියේ පුළුල් ඩිජිටල්කරණ උත්සාහයන්හි කොටසක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කර තිබේ.
පොලිස් මූලස්ථානයේ නිවේදනයකට අනුව, මෙම ව්‍යාපෘතිය මගින් රථවාහන දඩ මුදල් ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම අරමුණු කර ඇත.
මේ වනවිට ක්‍රියාත්මක ක්‍රමය අනුව රියදුරන් වෙත පොලිස් නිලධාරීන් විසින් නිකුත් කරන ලද දඩ කොල ගෙවීම සඳහා තැපැල් කාර්යාල වෙත රැගෙන යා යුතුය. ගෙවීමෙන් පසු, රියදුරන් තම රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා රිසිට්පත නැවත පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ යුතුය.







