බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

නවසීලන්ත කණ්ඩායම දිවයිනට පැමිණෙයි… පළමු ටෙස්ට් තරගය 18 ඇරඹෙයි… ක්‍රීඩකයින්ට ඡන්දය දාන්න 21 විවේක දිනයක් ලෙස නම් කරයි… තරගය දවස් 06යි…

by editor
සැප්තැම්බර් 14, 2024
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

අයිසීසී ටෙස්ට් ශූරතාවලියට අයත් මෙම ටෙස්ට් තරගාවලිය සැප්තැම්බර් 18දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරගය නොමිලයේ ප්‍රේක්ෂකයින්ට විවෘත කෙරේ. තරගය නිමා වන්නේ 30 වැනිදා ය.

මෙම තරගයේ විශේෂත්වය වන්නේ ඡන්දය පැවැත්වෙන 21 දා ස්වකීය ඡන්දය භාවිතා කිරීම සඳහා ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දීමට එදින විවේක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමය. ඒ අනුව තරගය දින 06ක් තෙක් දීර්ඝ වී තිබේ.

ඡන්දය ලබා දීම සඳහා ප්‍රකාශ කර ඇති මෙම විවේක දිනයේදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින්ට තම ගම්බිම් බලා ගොස් ඡන්දය ප්‍රකාශ කොට එදිනම පස්වරුවේ යළි කණ්ඩායම සමඟ එක්වන ලෙස දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අවසන් වරට ශ්‍රී ලංකාවේදී හමුවී ඇත්තේ ‍2019 වසරේදී එස්එස්සී හා ගාල්ල පිටියේ පැවැති ටෙස්ට් තරග දෙකේදීය. එහිදී තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයෙන් නිමාවට පත් විය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පසුගිය වසරේ නවසීලන්තයේදී තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස නවසීලන්තය ජය ගත්තේය. මෙතෙක් දෙරට අතර, ටෙස්ට් තරග 39කදී නවසීලන්තය තරග 18ක් ජයගනිද්දී ශ්‍රී ලංකාව තරග 9ක් ජය වාර්තා කළේය. ටෙස්ට් තරග 11ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

මේ තරගාවලියේ තවත් විශේෂත්වයක් තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් මෙම තරගාවලිය සඳහා නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කර තිබේ. නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය පිතිකරණ පුහුණුකරු වික්‍රම් රතූර්ද කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාවට පැමිණේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රෝගී කාන්තාවකගේ වකුගඩු දෙකම ගලවා දමා වකුගඩුවක් බද්ධ කිරීම වර්ජනය කළ දොස්තර ගුඩ්ඩා ගැන වාර්තාව සෞඛ්‍ය ලේකම්ට!

Next Post

රටේ අවධානය ජනාධිපතිවරණයට යද්දී ක්‍රිකට් ලොක්කන් ක්‍රිකට් අරමුදල කොල්ල කන්න පටන් අරන්?…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.