ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමත් ආසියානු කුසලාන අවසන් මහා තරගයට අද (10) සුදුසුකම් ලැබුවේය.
ඒ හොංකොං පිළ පරාජයට පත් කරමිනි. හොංකොං පිල හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම 67 -43ක් ලෙ ජයග්‍රහණය වාර්තා කළේය.
එමෙන්ම මෙම ජයග්‍රහණයත් සමග 2023 දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත කාන්තා දැල්පන්දු ලෝක ශූරතා තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලැබීය.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් ආසියානු කුසලාන අවසන් මහා තරගයට අපරාජිතවය.







