බටහිර ඉන්දීය කොදෙව් ප්‍රධානම වේගපන්දු යවන්නන් දෙදෙනාවන ජේසන් හෝල්ඩර් සහ අල්සාරි ජෝසප් ICC ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් වේලාසනින් ඉවත් වී යෑමට නියමිත බව වාර්තා වේ.
” ඔවුන්ට සුපර් සික්ස් වටයේ අවසන් තරඟ දෙක අහිමි වනු ඇති. මෙය ඉන්දියාවට එරෙහිව Cycle Pure Agarbathi ටෙස්ට් තරඟාවලියට පෙර ඔවුන්ගේ වැඩ බර කළමනාකරණය කිරීමේ අදහසින් ගත් තීරණයක්.” බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් නිවේදනය කළේය.
ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වූ බටහිර ඉන්දීය කොදෙව්වන් ICC සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී මීලඟට ඕමානය සහ ශ්‍රී ලංකාව සමඟ ක්‍රීඩා කරනු ඇත.







