ශ්‍රී ලංකා ක්‍රිකට් අවුරුදු 19 න් පහළ සංචිතයේ සිටින ක්‍රීඩිකාවන්ට එහි පුහුණුකරු විසින් පරුෂ ලෙස කතා කරන බවත් ඔවුන්ගේ ජංගම දුරකථන තමන් භාරයේ තබාගෙන දෙමව්පියන්ට පවා දවසකට කතා කරන්න දෙන්නේ විනාඩි දහයක් බවත් වාර්තා වේ.
එසේ කතා කරද්දී පවා කතා කළ යුත්තේ තමන් ඉදිරියේ බවත් මෙම පුහුණුකරු විසින් ඔවුන්ට නියෝග කර තිබේ.
වයස අවුරුදු 15,16,17 වයස් වල සිටින කුඩා දැරියන් මෙයින් දැඩි ලෙස පීඩාවට ලක්ව සිටින බව වාර්තා වේ.
මෙම පුහුණුකරු ඉහළම ක්‍රිකට් බලධාරියකුගේ සහායෙන් අදාල පුහුණුකරු ධූරය ලබාගෙන සිටින බවටත් තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණියට මොහු විශේෂ සැළකිල්ලක් හා තල්ලුවක් ලබා දෙන බවටත් චෝදනා එල්ල වී ඇත.
පසුගියදා පැවති කි.මී.2 දිවීමේ යෝග්‍යතා පරීක්ෂණයට පවා කැස්සක් තිබෙන බව කියමින් ඩිල්ෂාන්ගේ දියණිය ඉවත් කොට තබා ගැනීමටද මොහු කටයුතු කර තිබේ.
මෙම සංචිතය එළඹෙන කාන්තා යොවුන් ආසියානු කුසලාන තරගාවලිය ඉලක්ක කොට මේ දිනවල පුහුණුවීම් වල යෙදෙමින් සිටී







