ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පවතින ස්වෛරී බැඳුම්කරණ ණයක පොලී ගෙවීම් මාස 12කට අත්හිටුවීම සඳහා අදාළ ණය හිමියන්ගෙන් අවසර ඉල්ලා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ගත් ඩොලර් මිලියන 175ක ණය මුදලක් සීයට 7ක පොලියට ලබා ගෙනඇති අතර 2024 දී එම ස්වෛරී බැඳුම්කර ණය කල් පිරීමට නියමිතය.
මීට අදාළව එක් පොලී වාරිකයක් ලෙසින් ඩොලර් මිලියන 6.13ක් 2022 ජූලි මාසයේ දී ගෙවා තිබෙන අතර තවත් පොලී වාරික ගෙවීම් දෙකක් සිදු කිරීමට තිබේ.
එයින් එක් පොලී ගෙවීමක් 2022 දෙසැ 25 වෙනිදාට යෙදී තිබූ අතර අනෙක් ගෙවීම 2023 ජූනි 25 වෙනිදාට යෙදී තිබේ. මේ ණය පොලී ගෙවීම් දෙකම අත්හිටුවීම සඳහා අවසර ඉල්ලා ඇතත් ඒ සඳහා අවසර දෙන්නේ ද නැද්ද තීරණය කිරීම කෙටි කාලයක් ගත වෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී, එමිරේට්ස් සමාගම සමඟ තිබූ ගිවිසුම අවලංගු කර යළි ශ්‍රී ලංකන් සේවය ගත්තාට පසු අවශ්‍ය කටයුතු සිදු කර ගැනීම සඳහා මෙම ණය මුදල ලබා ගෙන තිබේ.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම ණය ලබා දුන් සමාගම් ණය ආපසු ගෙවීම සඳහා ශ්‍රී ලංකන් සමාගමේ හා රජයේ වැඩටසහන් සම්බන්ධයෙන් සහතිකයක් ඉල්ලා ඇති බවයි.









