ලලිත් චාමින්ද –
මෙරට ආර්ථිකය ඉහළ තලයකට නැංවිමේ අරමුණින් ස්ථාපිත කරණු ලැබු මුදල් හා ප්‍රාග්ධන වෙළදපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යංශය මාස 13ක පමණ කාලයකින් පසු විසුරුවා හැර තිබු අතර ඒ වනවිට මෙකි අමාත්‍යංශයේ කටයුතු සදහා රජයේ අරමුදල්වලින් රුපියල් හත්කෝටි, හතලිස්පන්ලක්ෂ, අසු අට දහස්, හයසිය අනු හතරක මුදලක් (74,588,694) වැයකොට තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙකි අමාත්‍යංශය පිහිටුවිමේ අරමුණු, කාර්යයන්, සුවිශේෂි වු ප්‍රමුඛතාවයන් ඉටුකිරිම පිළිබද ප්‍රගතිය ඉකුත් වර්ෂය අවසන්වනවිටත් (2021) වාර්තා වි නොතිබු බව විගණනය මගින් අනාවරණය කොට ඇත.
මෙරට ආර්ථිකය ඉහළ තලයකට නැංවිම, අරමුණින් සුවිශේෂි වු කාර්යයන්, ප්‍රමුඛතා 20ක් ඉටුකරගැනිමේ අරමුණින් මෙකි රාජ්‍ය අමාත්‍යංශය පිහිටුවා තිබුණි. වැයකළ වියදම්වල ප්‍රගතිය වාර්තා කළ යුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.
මේ පිළිබද රාජ්‍ය අමාත්‍යංශයේ ගණන්දිමේ නිලධාරියා විගණනයට සදහන් කොට ඇත්තේ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් මෙකි රාජ්‍ය අමාත්‍යංශය අහෝසි වු කොට ඇති බවය.
එම නිසා 2021 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ මැද භාගය වනවිට මෙකි අමාත්‍යංශයේ සියලු කටයුතු අවසන් කර සියලු නිලධාරින් හා සේවකයින් වෙනත් ආයතන වෙත අනුයුක්ත කළ බවය. එම නිසා 2021 වර්ෂයේ ප්‍රගති සමාලෝචනය කිරිමට අවස්ථාව නොතිබු බවද විගණනයට සදහන් කොට ඇත.









