-
දළදා මාළිගාව තුළ පොලිසියේ හැසිරීම සම්බන්ධව දියවඩන නිලමේවරයාගේ මුලිකත්වයෙන් විශේෂ පරික්ෂණයක්…
ශ්‍රී දළදා මාළිගාව තුළ සිදුකළ විවාහ පූර්ව ඡායාරූප රූ ගත කිරීම පොලිසියේ අනුදැනුමකින් තොරව සිදුවිය නොහැකි දියවඩන නිලමේ නිංල දෑල පවසයි.
පොලිසියේ හැසිරීම සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් තම දැනුම මත ආරම්භ කර තිබෙන බවද දියවඩන නිලමේවරයා කියයි.
මෙම “ප්‍රී ෂූට්” එකක් සිදු කළේ කෙසේ ද යන්න සෙවීමට දළදා මාලගාවේ සී.සී.ටී.වී කැමරා පද්ධතිය පරීක්ෂා කරන බවත් අනතුරුව මේ සිදුවිම පෙළ ගැසනේනේ කෙසේදැයි තහවුරු කරගත හැකි බවත් දියවඩන නිළමේවරයා ප්‍රකාශ කර සිටී.
සමාජ මාධ්‍යයට ඡායාරූප මුදාහැර තිබූ පුද්ගලයාගේ ෆේස් බුක් ගිණුම ඔස්සේ පරීක්ෂා කිරීමෙන් පසු පොලීසිය ඡායාරූප ශිල්පියාට සහ ඡායාරූප වලට පෙනී සිටි යුවළට අද (09) මහනුවර පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා දීමට දැනුම් දී තිබේ.







