බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍ය සිසු විභාගයේ ප්‍රතිඵල එක් සිසුවියක්ට කලින් ගිහින් විභාගය ම අවලංගු කරලා !

by lankasara-editor
මැයි 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

විදේශ ගත ව වෛද්‍ය විද්‍යාව හැදෑරූ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙරට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පවත්වන ERPN විභාගයේ දෙවන කොටස පසුගිය ජනවාරි මස 29 සහ 30 යන දෙදින පවත්වා ඇති අතර එහි ප්‍රතිඵල නිකුත් කිරීමටත් පෙර එක් සිසුවියක ට තම ප්‍රතිඵල දැන ගැනීමට හැකි වී ඇති බව අනාවරණය වී ඇත.
එක්තරා විශේෂඥ වෛද්‍යවරයෙකු ගේ දියණියක වන ඇය තමන් විභාගය අසමත් වී ඇත්තේ නිසි භාෂා පරිවර්තකයෙකු නොලැබීම හේතුවෙන් බවට පැමිණිල්ලක් ද සිදුකර තිබේ.

එම පැමිණිල්ල මත, පවත්වන ලද සම්පූර්ණ විභාගය ම අවලංගු කිරීමට ලංකා වෛද්‍ය සභාව පියවර ගෙන ඇති බවට ලංකාසර වෙත විශ්වාසදායක ආරංචි මාර්ගයක් හරහා තොරතුරු ලැබී ඇත. සිසුසිසුවියන් 40 කට අධික පිරිසක් මෙම විභාගයට පෙනී සිට ඇති අතර එක් සිසුවියක් හේතුවෙන් සම්පූර්ණ විභාගය ම අවලංගු කර යළිත් එම විභාගය හදිසියේම එලඹෙන මැයි මස 14 සහ 15 යන දෙදින පැවැත්වීමට කටයුතු කිරීම නිසා එම සිසුන් මහත් අපහසුතාවයකට පත්ව ඇත.

එම සිසුන් මේ වන විට සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීවරයා වෙත දැනුම්දීමක් සිදුකර ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි. එම ලිපියට අනුව වෛද්‍ය සභාව සිසුන් වෙත දන්වා ඇත්තේ නැගෙනහිර විභාග මධ්‍යස්‌ථානය වූ මඩකළපුව විශ්ව විද්‍යාලයේ පැවති විභාගය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් ලබා දී තිබූ මගපෙන්වීම් වලට අනුව පවත්වා නොමැති බවයි. එසේ වුවද වෛද්‍ය සිසුන් පෙන්වා දී ඇත්තේ මඩකළපුව විශ්වවිද්‍යානයේ පැවති විභාගයේ දී තමන් කිසිදු අපහසුතාවයකට මුහුණ නොදුන් බවයි.

ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ ඉතා කෙටි දැනුම් දීමක් මත තමන් එක් වරක් සාර්ථකව මුහුණ දුන් විභාගයකට නැවත සූදානම් වන ලෙස පැවසීම අසාධාරණ බවයි. එමෙන්ම මීට මාස 3ක ට පෙර තමන් මුහුණ දුන් විභාගය මෙලෙස අවලංගු කිරීම පිළිබඳව පූර්ව දැනුම්දීමක් සිදු නොකිරීම අත්තනෝමතික සහ අසාධාරණ බවයි. එබැවින් තම ප්‍රතිඵල අවලංගු නොකර කඩිනමින් ලබාදෙන ලෙසට මෙම සිසුන් ඉල්ලීම් සිදුකර ඇත.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ දවල් හොරණ වෙඩි තැබූ බව කියන පුද්ගලයා හවස රට පනිද්දී කොටුවෙයි !

Next Post

අලුයම ගාලු පාරේ බයික් පැද්ද පිරිසට වැඩ වරදී !

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.