බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙහෙරගල ජලාශයේ සොරොව්ව අසලත් ආයුධ ගබඩාවක්… මේ ආයුධ ගබඩා  හමුවූ   03වන ජලාශය…

by editor
ඔක්තෝබර් 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

ඊයේ රට තිගස්වන කතාවක් හෙළිදරවු වුනේය. ඒ වෙහෙරගල ජලශයේ සොරොව්ව අසලින්  මතුවුන අවි ගබඩාවය.

ජලාශයේ සොරොව්ව අසල තිබී LMG, T 56 හා T 81 ඇතුළු අවි ආයුධ තොගයක් සහිත පොහොර මළු දෙකක්  ඊයේ (30)  සවස කතරගම පොලිසිය සිය භාරයට ගත්තේය.   

මෙලෙස පොලිස් භාරයට පත් වූ අවි තොගය අතර T 56 මැගසින් 74ක්, T 56  LMG මැගසින් 36ක් , T 81 උණ්ඩ ,පතුරම් බහාලන පෙට්ටි 02ක් ඇතුළුව හදුනාගෙන නොමැති දිරා ගිය උණ්ඩ තොගයක් ඇතුළු  විවිධ ආයුධ කොටස් කිහිපයක්ද වූයේය.

කතරගම, ලුණුගම්වෙහෙර හා ගෝනගංආර යන පොලිස් වසම් වලට මායිම් වන්නට මෙම වෙහෙරගල ජලාශය පිහිටා තිබේ. ආයුධ හමුවන්නෙ   කතරගම පොලිස් බළ ප්‍රෙද්ශයට අයත් කොටසේය.

හමුවන්නේ කෙසේද

පසුගිය දිනවල පැවතියේ  දැඩි නියං සහිත කාලගුණ තත්ත්වයකි. ඒ සමග වෙහෙරගල ජලාශයේ ජල මට්ටම පහළ ගියේය. සොරොවේ පහළ මට්ටමත් පෙනුනේය. එහි ගිය පිරිසක් මුලින්ම දැක ඇත්තේ මඩ සහිත ජලයේ ඇති පොහොර මළු දෙකකි. ඒ මළුවල ඇති දේ ගැන විමසීමේ දි එම පුද්ගලයින්ට පෙනි ගියේ මේ ඇත්තේ ගිනි අවි උණ්ඩ තොගයක් බවය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ඔවුහු වහාම මේ  පිළිබදව පොලිසිය දැනුවත් තිබිණි. ඒ අනුව කතරගම පොලිස් නිළධාරීන් එම ස්ථානයට ගොස් විමර්ශන  ආරම්භ කළේය. මේ වනවිට  සිද්ධිය පිළිබඳව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කර තිබේ.

වෙහෙගල ජලාශයෙන් හමු වු මෙම අවි ආයුධ සම්බන්ධයෙන් යුධ හමුදාවේ නිළධාරීන් කණ්ඩායමක්ද එම ස්ථානයට ගොස් අද දිනයේ විමර්ශන ආරම්භ කළේය.    ආයුධ කොටස් අද 01 දින බෝම්බ නිෂ්ක්‍රීය අංශය ඇතුළු විශේෂ නිලධාරීන් කණ්ඩායමක් යොදවා ජලාශයේ ජල මට්ටමද අඩුකර ගොඩ ගැනීම සඳහා මෙහෙයුමක් සිදු කරමින් ඇත.  කතරගම පොලිසිය මේ සම්බන්ධව දැන් විමර්ශන ආරම්භ කර තිබේ.

අතීත අත්දැකීම්

මේ වැවුවලින් ආයුධ ගබඩා මතු වුන පළමු අවස්ථාව නොවේ. 2025 අගොස්තු 13 වැනි දින ගලෙන්බිඳුණුවැව ගැටලාව වැවෙන් ටී – 56 ජීව පතොරොම් 7118ක් සොයා ගත්තේය.

වැවට පැමිණි පුද්ගලයෙක් විසින් මුලින්ම මෙම ජීව උණ්ඩ දැක 118 හදිසි ඇමතුම් අංකයෙන් ඒ බව ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයට දැනුම්වත් කිරීමෙන් අනතුරුව සිදුකරන ලද මෙහෙයුමක එම දිනය තුළ පමණක්  ජීව පතොරොම් 5038ක් සොයාගෙන තිබිණි.

යළිත්  පසුදින දින  ආරම්භ කළ මෙහෙයුමේ දී තවත් පතොරොම් 1965ක් සහ ආධාරක උණ්ඩ 115ක් සොයා ගැනීමට විමර්ශකයින්ට හැකි විය.  මීට අමතරව ටී -56 මැගසින් 11ක් සහ ඔයිල් කෑන් 05ක් ද මෙම මෙහෙයුමේදී පොලිසිය  සොයා ගත්තේය.

මේ සොයා ගැනිමට පෙත් ගිනි අවි උණ්ඩ මතු විය. ඒ 2025 ජූලි මස 23 වැනිදාය. ඒ ජීව උණ්ඩ හමුවන්නේ ගලෙන්බිඳුණුවැව හුරුළු වැවෙනි හුරුළුවැවට දිය නෑමට පැමිණි තරුණයින් තිදෙනෙකුට තොටුපල ආසන්නයේ ජීව උණ්ඩ තුනක් හමුවීමෙන් පසු කළ විමර්ශනයකදී   ටී 56 ජීව උණ්ඩ 10ක්, එල්.එම්.ජී. වර්ගයේ ජීව උණ්ඩ 18ක්, අත් බෝම්බයක ගැලවී ඇති පින් එකක්, ටී 56 පතොරොම් ගැබක පතුලක කොටසක්, පතොරොම් පෙට්ටි ගැලවීමට යොදා ගන්නා යතුරක් ද සොයා ගැනුණි.

මේ විමර්ශනවල ප්‍රතිඵල මොනවාදැයි රට දන්නේ නැත. එහෙත් මේ වැව්වල සඟවා ඇති ගිනි අවි උණ්ඩවල කතාව මේ රටට දැන් අනාවරණය විය යුතුය. මේ සගවා තැබීම්වල පරමාර්ථය කුමක්දැයි විමසිය යුතුය. අපරාධ රාජ්‍යයක සැඟවුන අබිරහස් මේ ආයුධ ගබඩා තුළ සැඟව ඇතැයි විශ්වාස කරමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජීවිතය පූරණය කරන කෘතියක්…

Next Post

දරුවන් 91 දෙනෙක් පාසල් ගොඩනැගිල්ලක් යට භූමිදාන කළ ඉන්දුනීසියාවේ ඛේදවාචකය…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.