බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙනස සඳහා ආදර්ශය වීමට මා සූදානම්… ජනපති නිදහස් උළෙල දා ජාතිය අමතමින් කියයි!

by editor
පෙබරවාරි 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අප හමුවේ ඇති අභියෝග ජයගෙන අපේ අනාග ඉලක්කය සාර්ථකව ඉටු කරගැනීමට නම් අප  සියලු දෙනාටම වෙනස් වෙන්න සිදුවන බවත් ඒ වෙනස සඳහා ආදර්ශය වීමට තමන් සූදානම් බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (04) කොළඹ නිදහස් චතුරශ්‍රයේ  දී පැවති 74 වැනි ජාතික නිදහස් දිනය  උළෙලේ දී ජාතිය අමතමිනි.

“ඉලක්ක ජයගැනීම සඳහා  අප සියලු දෙනාම ඒ සඳහා යම් කැප කිරීම් කරන්නට සිදු වෙනවා…  ඒ  සඳහා අවශ්‍ය කරන ආදර්ශය දෙනන්ට රටේ ජනාධිපතිවරයා ලෙස  මම සූදානම්. දැනටමත් මා එය හැකි උපරිම මට්ටමින් ඉටු කරනවා. මා ඉල්ලා සිටිනවා සියලුම මැති ඇමතිවරුන් හා අපේ අනෙක් දේශපාලනඥයින්ගෙන් රටට ආදර්ශයක් වන ආකාරයට හැම විටම කටයුතු කරන්න කියලා.  ඔබ ඒ ආදර්ශය ජනතාවට දෙනවා නම් බහුතරයක් ජනතාව එය අනුගමන කරාවි.“

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජනාධිපතිවරයා පැවසුවේය.

ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබිය හැක්කේ සියලුදෙනාම රට වෙනුවෙන් තම වගකීම් ඉටුකිරීමෙන් බවද ඔහු පෙන්වා දුන්නේය.

නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී රටක වැසියන් ලෙස සියලු දෙනාටම අයිතිවාසිකම් මෙන්ම වගකීම් ද ඇති බව පෙන්වා දෙන ජනාධිපතිතුමා වගකීම් අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කථා කිරීම සුදුසු නොවන බව ද කියා සිටියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  සහ අයෝමා රාජපක්ෂ  උත්සව භූමියට පැමිණීම සැළ කෙරෙමින් හොරණෑ වාදනය සිදු විය. මගුල් බෙර වාදනය සහ සක් පිඹීම මධ්‍යයේ ජනාධිපතිතුමා ජාතික ධජය එසවීමෙන් අනතුරුව පාසල් සිසු සිසුවියන් විසින් ජාතික ගීය ගායනා කරනු ලැබිණ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, නාවික, ගුවන් හමුදාපතිවරු සහ පොලිස්පති ජනාධිපතිතුමා විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන එනු ලැබූහ.  පාසල් සිසුවියන් “ජයමංගල ගාථා” හා “දේවෝ වස්සතු කාලේන” ගාථාව ගායනය, ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයේත්, ස්වෛරීභාවයේත්, භෞමික අඛණ්ඩතාවයේත් තිර පැවැත්ම වෙනුවෙන් දිවි පිදූ සියලුම ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කිරීම සඳහා විනාඩි 02ක නිශ්ශබ්දතාවය සහ ජනාධිපති උත්තමාචාරය සිදු කරමින් ජනාධිපතිතුමා වෙත ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීම සිදු වූ අතර ඉන් අනතුරුව ජනාධිපතිතුමා ජාතිය ඇමතීය.

රට ඉදිරියේ ඇති අභියෝග ජයගත හැක්කේ ජයග්‍රාහී ගමනක් වෙනුවෙන් වූ කැප කිරීම් සිදු කළ හොත් පමණි. දුෂ්කර කාල සැමදා එ ලෙසම නොපවතී. දුෂ්කර කාලවලට මුහුණදීමට ශක්තිමත් මිනිසුන් අවශ්‍යයි. අප වර්තමානයේ මුහුණ දෙන ගැටලු කිසිවක් දීර්ඝකාලීන ගැටලු නොවන බව පැවසූ ජනාධිපතිතුමා, සුබවාදී ප්‍රවේශයකින් ගැටලුවලට පිළිතුරු සෙවිය හැකි බව සඳහන් කළේය.

රට මේ වන විට මුහුණ දී සිටින ආර්ථික ගැටලුවලට හේතු සොයමින් වසර ගණනාවක් ආපස්සට යනවාට වඩා කාලෝචිත වන්නේ ඒ සඳහා කෙටිකාලීන මෙන්ම දීර්ඝකාලීන විසඳුම් සෙවීමය. රජය අද අවධානය යොමු කර තිබෙන්නේ ඒ සඳහා බව ජනාධිපතිතුමා පැවසීය.

අප හමුවේ ඇති අභියෝග ජයගෙන අපේ අනාග ඉලක්කය සාර්ථකව ඉටු කරගැනීමට නම් අප  සියලු දෙනාටම වෙනස් වීමට සිදුවේ. අප සියලු දෙනාම ඒ සඳහා යම් කැප කිරීම් කිරීමට සිදුවේ. ඒ සඳහා අවශ්‍ය කරන ආදර්ශය දෙනන්ට රටේ ජනාධිපතිවරයා ලෙස  මා සූදානම් බවත්  දැනටමත් තමන් එය හැකි උපරිම මට්ටමින් ඉටු කරන බවත් ජනධිපතිවරයා කීවේය. සියලුම මැති ඇමතිවරුන් හා අපේ අනෙක් දේශපාලනඥයින්ගෙන් රටට ආදර්ශයක් වන ආකාරයට හැම විටම කටයුතු කිරීමේ ආදාර්ශය ජනතාවට දෙනවා නම් ජනතාවත් එම ආදර්ශය අනුගමන කරනු ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

දිනූ නිදහස අනාගත පරපුර වෙනුවෙන් සුරකින අතර රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය ආරක්ෂා කරන බවට දුන් ප්‍රතිඥාව සැමවිටම සුරකින බව ජනාධිපතිතුමා අවධාරණ  කළේය. නිදහසේ සැබෑ අරුත සාක්ෂාත් කරගත් අභිමානවත් දේශයක් ගොඩනැගීමට එක්වන්නැයි ජනාධිපතිතුමා සියලු දේශප්‍රේමී ජනතාවට ආරාධනා කළේය.

74 වන ජාතික නිදහස් දින උළෙල කොවිඩ් මර්දන සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව අභිමානය ප්‍රදර්ශනය වන අයුරින් සංවිධානය කර තිබිණ.

යුධ, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සහ ජාතික ශිෂ්‍යභට බලකාය ආචාර පෙළපාලියට එක්ව සිටී අතර ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් නියෝජනය කෙරුණු දැකුම්කලු සංස්කෘතික සංදර්ශනයකින් නිදහස් සමරු උළෙල වර්ණවත් විය.

මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, පස්වන විධායක ජනාධිපති හා වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, කැබිනට් අමාත්‍යවරු, මහ බැංකුවේ අධිපති,  රාජ්‍ය අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, තානාපතිවර, මහකොමසාරිස්වරු, ජනාධිපති හා අග්‍රාමාත්‍ය ලේකම්වරු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිතුමා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු,  රාජ්‍ය නිලධාරීහු සහ රණවිරුවෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනාධිපති සමාවෙන් සිරකරුවන් නිදහස්… රන්ජන් තවමත් ඇතුළෙ…

Next Post

නිදහස දීපු සුද්දන්ගෙන් රටෙන් ලංකාවට තර්ජනයක්

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.