බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය මගින් සම්පාදනය කරන ලද නවතම වාර්තාව මගින් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා මෙන්ම මෙරට පිරිහෙමින් පවතින බව කියන මානව හිමිකම් තත්ත්වය පිළිබඳව එක්සත් රාජධානි රජය ‘ඉතා බැරෑරුම් ලෙස’ සලකන බව එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වී තිබේ.
එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටෝනියා ඇන්ටෝනියාසි විසින් එරට පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට ලිඛිත පිළිතුරක් ලබා දෙමින් එරට විදේශ රාජ්‍ය අමාත්‍ය (පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය) ඇමැන්ඩා මිලින් ප්‍රකාශ කළේ එක්සත් රාජධානියේ දකුණු ආසියානු අමාත්‍ය, තාරික් අහමඩ් සාමිවරයාගේ මෑතදී සිදුවූ සංචාරයේදී ශ්‍රී ලංකා නායකයින් සමඟ අවස්ථා කිහිපයකදීම මෙම ගැටළුවල වැදගත්කම මතු කර ඇති බවයි.
දකුණු ආසියාව පිළිබඳ එක්සත් රාජධානියේ අමාත්‍ය, විම්බල්ඩන්හි (තාරික්) අහමඩ් සාමිවරයා, ශ්‍රී ලංකා මහ කොමසාරිස් සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් සමඟ අවස්ථා කිහිපයකදීම මෙම ගැටළු වල වැදගත්කම මතු කර ඇති බව එරට වාර්තා පෙන්වා දෙයි.
ජනවාරි 18-20 දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඔහු, ජනාධිපතිවරයා, විදේශ අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා රජයේ අනෙකුත් සාමාජිකයන් හමුවූ අවස්ථාවේදී පිරිහෙමින් පවතින මානව හිමිකම් තත්ත්වය පිළිබඳව බරපතළ කනස්සල්ලක් මතු කළ බව ද එහි දැක්වේ.
විදේශ ලේකම්වරිය ද 2021 ඔක්‌තෝබර් 26 වැනි දින විදේශ ඇමැති පීරිස් මුණගැසුණු අවස්ථාවේදී මානව හිමිකම් තහවුරු කිරීමේ වැදගත්කම මතු කර ඇත.
“සංහිඳියාව, වගවීම සහ මානව ප්‍රවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාව මගින් නියම කර ඇති පරිදි මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාවේ අයිතිවාසිකම්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සහ වගවීම අධීක්ෂණය කිරීම සඳහා අපි දිගටම සහාය දෙන්නෙමු.” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සහය දැක්වීම සඳහා තම එක්සත් රාජධානියේ රාජ්‍ය අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය ගන්නා පියවර මොනවාදැයි විමසූ කම්කරු පක්ෂ මන්ත්‍රී ටෝනියා ඇන්ටෝනියාසි නැඟූ ප්‍රශ්නයට ද රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු දී ඇත.