ශ්‍රියානි විජේසිංහ –
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සමඟ සාකච්ඡා කිරිමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇති බවත් ඒ සඳහා හෙට (25) දිනයේදී ඉඩලබා දී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
අසාධාරණ බදු ප්‍රතිපත්තිය, බැංකු ණය මත අයකරන පොලී අනුපාතිකයන් ඉහළ දැමීම, රෝහල්වල ඖෂධ හිඟය ඇතුළු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා මීට පෙර අවස්ථා දෙකකදී ලිඛිත ඉල්ලීම් ඉදිරිපත් කළ නමුත් එයට නිසි ප්‍රතිචාරයක් ජනාධිපතිවරයා ලබා නොදුන් බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරයි.
වෘත්තිකයින් සහ රටේ පොදු ජනතාවට එල්ල වී තිබෙන පීඩනය දුරුකර ගැනීම සඳහා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමූතුව සමග මේ වන විට රාජ්‍ය , අර්ධරාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්ති සමිති 40ට අධික පරිසක් මේ වන විට පෙළගැසී සිටින බව වෛද්‍ය චමිල් පැවසුවේය.
කෙසේ නමුත් ජනාධිපතිවරයා සමග හෙට පැවැත්වෙන සාකච්ඡාවේ දී වෘත්තිකයින්ගේ ගැටලුවලට නිසි විසඳුමක් නොලැබුණහොත් ලබන මාර්තු 1වන දා සිට රට අකර්මන්‍ය විය හැකි බව හෙතෙම පැවසුහ.







