අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“වෘත්තිය සමිති වර්ජනවලට යටවෙලා තීරණ ගන්න එපා” – විශේෂඥ වෛද්‍යවරු රජයට කියති

by Lanka Sara Editor
පෙබරවාරි 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රට අර්බුදයක පවතින අවස්ථාවක සිය ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් නොයෙක් වෘත්තීය සංගම් සිදුකරන බලපෑම්වලට අනිසි ලෙස යටත් වී තීරණ නොගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත ලිපියක් යවමින් පවසයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ පසුගිය කාලයේදී රජය ගත් එවැනි අදූරදර්ශි තීරණ නිසා නොයෙකුත් අවස්ථාවාදීන්ට ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට අවශ්‍ය පසුබිම සකසා දී ඇති බවය.

මෙම වර්ජන ක්‍රියා දිගින් දිගටම සිදු වුවහොත් සියලුම බලවත් වෘත්තිය සමිති මගින් මෙවැනි ඉල්ලීම් ඉදිරිපත් කිරීම මගින් රටේ තත්ත්වය ඉතාමත්ම ව්‍යාකූල වීම වැළැක්විය නොහැකි වනු ඇති බව ද එම සංගමය පැහැදිලි කර තිබේ.

එබැවින් මේ මොහෙතේ කළ යුතු වන්නේ වර්ජන ක්‍රියාවන්ට යටත්වීම නොව, රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ජාතික වැටුප් කොමිසම හරහා රජයේ වැටුප් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක්, සුදුසුකම් හා වෘත්තිමය කුසලතා මත සැකසීම කඩිනම් කිරීම බව එම සංගමය සිය ලිපිය මගින් දන්වා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම සම්පූර්ණ ලිපිය පහතින්.

ගරු ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා,
සෞඛ්‍ය අමාත්‍ය,
සෞඛ්‍ය අමාත්‍යාංශය,
කොළඹ 10.

අප රට ආර්ථික ලෙස ඉතා දැඩි අර්බුදකාරී තත්ත්වයක ඇති මේ අවස්ථාවේ සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති වර්ජන මගින් සිදුවිය හැකි අනිසි විපාක

දැනට ක්‍රියාත්මක වන වෛද්‍ය සේවා වෘත්තිය සංගම් ක්‍රියාමාර්ගය මගින් රටේ දිළිඳු ජනතාව ඉතා අන්ත අසරණ බවට පත්කර ඇත. රෝගීන් ඉතා අසරණව ඇති මේ අර්බුදකාරී අවස්ථාවේ අඛණ්ඩ වැඩ වර්ජනයක දීම කෙසේවත් කාලෝචිත නොවන දෙයක් මෙන්ම එය තරමක ආත්මාර්ථකාමී ක්‍රියාවක් බව අපට හැඟෙන්නේ අසරණ රෝගීන් තවදුරටත් ඉතා අසරණභාවයට තල්ලු කිරීමක් මේ මගින් සිදුවන බැවිනි. සෑම වෘත්තීය සමිති ව්‍යාපාරයක්ම තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා වැඩ වර්ජනය කිරීම භාවිතා කරන්නේ අවසාන අවිය ලෙසිනි. මෙම වර්ජනය හේතුවෙන් එම සේවා ලබා ගන්නා රෝගීන්ට සිදුවන හානිය අවම කිරීම අප සතු යුතුකමක් වන්නේ මුලු ලෝ පුරා පැතිර ඇති කොවිඩ් වසංගතයට අමතරව රජය ගෙන ඇති යම් අදූරදර්ශි තීරණ නිසා රෝගීන්ට මෙන්ම මුළු රටටම එමගින් සිදුවන හානිය අවම කිරීම සෞඛ්‍ය සේවකයින් වශයෙන් අපේ යුතුකමක් බැවිනි.

පසුගිය කාලය පුරාවටම අප විසින් දැක ඇති කරුණක් නම් එම කාලයේදී රාජ්‍ය අංශයේ සිදු වූ සියලුම වර්ජන කෙරෙහි මහ ජනතාව විමතියෙන් මෙන්ම ඉතා අප්‍රසන්නව බලා සිටි බවය. පසුගිය කාලයේ දී නොයෙක් වෘත්තීය සංගම්වල බලපෑම්වලට රජය අනිසි ලෙස යටත් වී නොයෙකුත් ආකාරයේ වැටුප් වැඩි කිරීම් මෙන්ම අතුරු දීමනා ලබාදීම කළ බව අප දන්නා කරැණකි. මෙම අදූරදර්ශි තීරණ නොයෙකුත් අවස්ථාවාදීන්ට ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට අවශ්‍ය පසුබිම සකසා දී ඇත.

මෙම වර්ජන ක්‍රියාව දිගින් දිගටම සිදු වුවහොත් සියලුම බලවත් වෘත්තිය සමිති මගින් මෙවැනි ඉල්ලීම් ඉදිරිපත් කිරීම මගින් රටේ තත්ත්වය ඉතාමත්ම ව්‍යාකූල වීම වැළැක්විය නොහැකි වනු ඇත. එම නිසා මෙම තත්ත්වය වැළැක්වීමට රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ජාතික වැටුප් කොමිසම හරහා රජයේ වැටුප් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක්, සුදුසුකම් හා වෘත්තිමය කුසලතා මත සැකසීම අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ගයක් බව මෙම අවස්ථාවේදී අපි දැඩි ලෙස ප්‍රකාශ කරමු.

මෙම අවස්ථාවේදී රජය විසින් වෘත්තීය සමිති ඉල්ලීම්වලට යටවී රට තවදුරටත් ව්‍යාකූල බවට පත්කිරීම මගින් මහජනතාව තවදුරටත් අපහසු තත්ත්වයට පත්කිරීම නොකරනු ඇතැයි අපි විශ්වාස කරමු.

දැනට පවතින මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එමගින් ඉදිරියට ඇති විය හැකි ව්‍යාකූල තත්වය ගැන රජයේ දැඩි අවධානය යොමුවනු ඇතැයි ද අපි බලාපොරොත්තු වෙමු.

 

විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු
සභාපති
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

 

විශේෂඥ වෛද්‍ය ආර්.ඤාණසේකරම්
ලේකම්
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

Tags: නවතම
Share69Tweet43
Previous Post

රෝගයට ප්‍රතිකාර කරනු වෙනුවට යාඥාවට යොමු කළ දරුවා මිය ගිහින්…

Next Post

සෙල්ලම් පිස්තෝල නගරාධිපති ඉල්ලා අස්වෙයි – හේතුව සභාපති පුටුවක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.