බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වී සඳහා සාධාරණ මිලක් ඉල්ලමින් අමරවීරගේ පඹයෙක් පුලුස්සා මහවැලි ගොවීන් විරෝධතාවයක…!

by editor
අගෝස්තු 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

 වී වලට නිසි මිළක් ලබාදෙන ලෙසට හා වී මිළදී ගැනීමට රජය මැදිහත්වන ලෙසට බල කරමින් දම්මින්න මහවැලි කොට්ටාසයේ ගොවීහු අරලගංවිල – දම්මින්න ප්‍රධාන මාර්ගය හරස් කරමින් 13 වෙනිදා උද්ඝෝෂණයක නිරත වූ ගොවීහු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ පඹයෙක් පුලුස්සා දමමින් උද්ඝෝෂණයක නිරත වූහ.

අරලගංවිල – දම්මින්න ප්‍රධාන මාර්ගයේ දිවුල්දමන මංසන්ධියට එක්වූ දම්මින්න මහවැලි කොට්ටාසයට අයත් ගම්මාන රැසක ගොවි ගෙවිලියන් එම ප්‍රධාන මාර්ගය හරස් කොට කියා සිටියේ, මෙවර යල කන්නයේ තමන් විසින් නෙලා ගන්නා ලද වී අස්වනු වලට නිසි මිළක් ලබාදෙන ලෙසය. රජය මැදිහත් වී තම වී අස්වනුවලට සාධාරණ මිලක් ලබා දෙන ලෙස ගොවීහු ඉල්ලා සිටියහ.

පොළොන්නරුව මහවැලි බි කලාපයේ මෙවර යල කන්නයේ ගොවි පවුල් 25,000 කට වැඩි පිරිසක්, අක්කර 65,000 කට වැඩි ප්‍රමාණයක් වී වගා කර තිබෙන අතර, ඉන් සියයට අසුවක් පමණ වී අස්වනු නෙලා අවසන් බවත්, පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමියන් ගම්මානවලට පැමිණ අසරණ ගොවියන්ගේ වී අස්වනු තුට්ටු දෙකට ලබාගනිමින් සිටින බවත්, මේ පිළිබඳ රජය කිසිදු වචනයක්වත් කතා නොකරන බවත් උද්ඝෝෂකයෝ මෙහිදී චෝදනා කළහ.

මෙම උද්ඝෝෂණයට එක් වූ ගොවීන් සඳහන් කළේ වී වගා කිරීම සඳහා අවශ්‍ය තෙල් පොහොර මෙන්ම වෙනත් කෘෂිකාර්මික ණය ලබාගත් ගොවීන්ගේ අස්වනු නෙලන මොහොතේම ව්‍යාපාරිකයින් ඔවුන්ගේ කුඹුරුවලට පැමිණ, ලබාගත් ණය සහ තෙල් පොහොර වල මුදල් පියවා ගැනීමට ඉතා අඩු මිලට වී අස්වනු හිලවු කරගන්නා බවය.,

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මේ වනවට ගොවීන් පත් වී ඇති දැඩි අසරණ තත්ත්වය මේ අඳ ගොළු බිහිරි ආණ්ඩුවට නොපෙනේ දැයි උද්ඝෝෂණයට එක් වූ ගොවීහු ප්‍රශ්න කර සිටියහ.

මේ වනවිට සම්බා කිලෝවක් රුපියල් 90ක් දක්වාත්, නාඩු වී කිලෝවක් රුපියල් 102 ක් දක්වාත් මිල පහළ වැටී ඇති බව පවසන ගොවීන් කීරි සම්බා වී කිසිදු ලෙසකින්වත් අලෙවි කරගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව පවසයි.
මෙම මිල ගණන් යටතේ වී අලෙවි කිරීමෙන් තම ගොවිතැන් වෙනුවෙන් වියදම් කළ මුදල පවා පියවා ගත නොහැකිව අද වන විට තමන් අන්ත අසරණ තත්වයකට පත්ව ඇති බවද ගොවීහු පවසා සිටියහ.

මේ බිිහිසුණු ජීවිත සූරාකෑමට ඉඩ දී රජය තව දුරටත් නිහඬව සිටින්නේ නම් ඉදිරියේ එන ජනාධිපතිවරණයේදී ඡන්දය පමණක් ලබා ගැනීමට නොපැමිණෙන ලෙසත්, ඡන්දය ලබා ගැනීමට පැමිණිය හොත් ඊට එරෙහිව පිලිතුරු සැපයීමට ගොවීන් මග බලා සිටින බවත් ගොවීහු කීහ.

පොළොන්නරුව දම්මින්නෙන් ආරම්භ කළ මේ ගොවි සටන රට පුරා දියත් කර, වී සදහා නිසි මිලක් ලබා ගැනීමට අනෙකුත් ගොවියන් සමග අත්වැල් බැඳගන්නා බවද උද්ඝෝෂකයෝ මෙහිදී සපථ කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් සිසුන් 22ක් පාසලේ දැරියක් සමූහ දූෂණය කිරීම – අපරාධය වසන් කළ විදුහල්පති, ගුරුවරයෙක් සහ ගුරුවරියන් 02ක් අත් අඩංගුවට…

Next Post

ඔන්න පැන්නා මෙන්න පැන්නා හිටිය  රාජිත  උත්සවාකාරයෙන් පනී… ජනපතිගේ දෑත් ශක්තිමත් කරන්න මහගෙදර ආව බව කියයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.