සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වී කිලෝවක නිශ්පාදන වියදම 120යි… මහ මෝල්ලු වී කිලෝ එක ගන්නේ 100ට… මෙහෙව් හූරා කෑමකට ඉඩ දෙනවා නම් මුන්ගේ ආණ්ඩු මොකට ද?… පොලොන්නරුවේ වී ගොවීහු අසති!

ඡන්ද විසේ ගහලා ඉන්න ආණ්ඩුවේ බලධාරීන්ට මතක් කිරීමක්... මහවැලි ගොවීන් වහ බොන්න දෙන්න එපා!

by editor
ජූලි 30, 2024
in පුවත්
PADDY
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

මෙවර යළ කන්නයේ වී අස්වනු නෙළීමත් සමග මෙතෙක් රජය වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවීම නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වී මෝල් ව්‍යාපාරිකයන් විසින් වී කිලෝවක මිල විශාල වශයෙන් අඩුකර ඇති බව මහවැලි බී හා සී කලාපවල ගොවි සංවිධාන නියෝජිතයින් හා ගොවීහු සඳහන් කරති .

වී කිලෝවක් අලෙවි කර ගන්නා මුදලින් වී ඇසුරුම් කරන මල්ලක්වත් මිලදී ගැනීමට නොහැකි මට්ටමට වී මිල පහත බැස ඇති බවත් මෙවැනි හූරාකෑමකට ඉඩ දී ඇස් කන් පියාගෙන ඉන්නට රටේ අණ්ඩුවට හැකි නම් එවැනි ආණ්ඩුවක් කුමකටදැයි තමන් විමසන බවත් ගොවිහු පවසති. ඔවුන් පෙන්වා දෙන්නේ මහ පොළොවේ ගැටෙමින්‍, අව්ව වැස්ස දරා ගනිමින්, වන අලි උවදුරු විඳිමින් කුඹුරු වගා කරන්නේ සංසාර කරුමයක් ගෙවන්නට නොව, ජීවිතය ගැටගසා ගන්නට බවය. රටට බත සපයන ගොවියාත් පාරිභෝගිකයාත් බේරාගන්නට අසමත් පාලකයින් උදා කරන්නට හදන්නේ කුමණ සංවර්ධනයක් දැයි ඔවුහු විමසා සිටිති.

රන් පැහැයෙන් කරළ පැසෙන්නේ ගොවීන් වෙනුවෙන් නොවේ….

මේ ප්‍රශ්නය විසඳා නොදී ඡන්දය ලබා ගැනීම සඳහා හතර මායිමේ පස් නොපාගන ලෙස දේශපාලකයින්ට දන්වා සිටිමින් ඊයේ මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන 21ක් මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව අද පොලොන්නරුවේ සහ මහවැලි කලාපවල ගොවීන් සඳහන් කරන්නේ ෙ තමන් මෙවර යළ කන්නයේ කීරි සම්බා වගාකළද, එම කිරි සම්බා මිලදී ගැනීමට රජය හෝ පෞද්ගලික මෝල් හිමියන් මෙතෙක් ඉදිරිපත් වී නැති බවය.

අද (30) වන විට පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් ව්‍යාපාරිකයන් නාඩු වී කිලෝවක මිල රුපියල් 104 දක්වා පහත දමා ඇති බවත්, සම්බා වී එක් ව්‍යාපාරිකයෙක් පමණක් රුපියල් 100ක මිලකට ලබාගන්නා බවත්, කීරි සම්භා මිලදී ගැනීමට කිසිදු ව්‍යාපාරිකයෙක් මෙතෙක් ඉදිරිපත් නොවීම බරපතල අවුලක් බවත් මහවැලි බී හා සී කලාපවල ගොවීහු කියති.

විඇට ගෙඩියක් නොගෙන වසා දමා ඇති රජයේ වී ගබඩා…

පොළොන්නරුවේ මහා පරිමාණ වීමෝල් හිමියන් මෙලෙස අඩුමුදලට ලබාගන්නා වී තොග තව මාස කිහිපයකින් සහල් බවට පත්කර ඒවා උපරිම මිලකට සහල් පාරිභෝගිකයන්ට අලෙවි කරන බවත්, මේ වන විට රටට බත සපයන පොළොන්නරුවේ තම ගොවීන්ට කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 385ක වැනි මිලකට ලබා ගැනීමට සිදුව ඇති බවත් ගොවි සංවිධාන නියෝජිතවරු ප්‍රකාශ කරති.

වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 110,120 ක් අතර මුදලක් වැයවෙන බැවින් පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් වී කිලෝවක් සඳහා රුපියල් 150 ක සහතික මිලක් නියම කරන ලෙස ද, එසේ නොවුණහොත් මෙවර තමන්ට ණයතුරස් පවා ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවන බව ද ගොවි සංවිධාන නියෝජිතවරු සඳහන් කරති.

අස්වැන්න….

සෑම යල මහ කන්නයකදීම පොළොන්නරුවේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් තම වී අස්වනු තුට්ටු දෙකට මිලදී ගන්නා ක්‍රමවේදය නතර කර අතරමැදියන්ට යන ලාභය අවම කරමින් ගොවියාට වැඩිලාභයක් ලැබෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් සහ කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන්, ඉල්ලා සිටින බව පොළොන්නරුව ඇතුළු මහවැලි බි හා සී කලාපවල ගොවීහු පවසති.

RelatedPosts

KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

ශෂී වීරවංශගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: වසර දෙකක සිරදඬුවම ස්ථීරයි!

ඇමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානයේ 20,000කට ජලය අහිමි වෙයි: යුද අපරාධ චෝදනා එල්ල වීමේ අවදානමක්! ‘ද නිව්යෝක් ටයිම්ස්’ විශේෂ විමර්ශනයක් මෙන්න

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ක්‍රිකට්වල දේශපාලනය තවරා සූදු සෙල්ලම් කරන උන්ට පුංචි මතක් කිරීමක්!

Next Post

දොස්තරලාගේ වරදින් මිය ගිය බව කියන තරුණ මවගේ මරණය ගැන විශේෂ පරීක්ෂණයක්!

Related Posts

Hiphop-Sangee
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
පුවත්

බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

ජූනි 12, 2026
Air-Canada
පුවත්

අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

ජූනි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.