සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විස්සෙන් රාජ්‍ය විගණනයට වන හානිය කරූ මහින්දට පෙන්වා දෙයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 5, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු කාරක සභාවේදී වෙනස්කම්වට ලක් වීමට නියමිත බවට සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සකසන ලද ලියවිල්ලත් අග්‍රමාත්‍යවරයා මාධ්‍ය නිවේදන නිකුත් කරමින් එම සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල අහිමි නොවන බවට සිදු කර ඇති ප්‍රකාශයක් අතර විශාල පරස්පරතාවක් පවතින බව සඳහන් කරමින් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරූ ජයසූරිය මහතා අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවා ඇත.

මෙම ලිපිය යවා ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසි වැනි සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල කප්පාදු වීම සම්බන්ධයෙන් පළ වන මාධ්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයට පිළිතුරක් වශයෙනි.

එයින් කරු ජයසූරිය මහතා පෙන්වා දෙන්නේ විගණන සේවා කොමිසම අහෝසි කිරීම, ජනාධිපති සහ අග්‍රමාත්‍ය කාර්යාල රාජ්‍ය සමලගම් විගණකාධිපතිවරයාගේ සෘජු විෂය පථයෙන් ඉවත් කිරීම සහ සුදුසු පුද්ගලයකු විගණකාධිපති ධුරයට පත් කිරීම යන කරුණු විසි වැනි සංශෝධනය හරහා අහිමි කිරීමෙන් රාජ්‍ය විගණනයට බරපතල අගතියක් සිදුවනු ඇති බවය. එහිදී කරූ ජයසූරිය විසින් යොමු කරන ලද ලිපිය සම්පූර්ණයෙන් මෙසේ පළ වේ.

2020.10.05

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා,
අග්‍රාමාත්‍ය කාර්යාලය
කොළඹ.

ගරු අග්‍රාමාත්‍ය තුමනි,

“විසිවෙනි සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල කප්පාදු වෙන බවට විපක්‍ෂය ගෙන යන ප්‍රචාර” යන මාත්‍යාකාව යටතේ ඔබතුමන් විසින් පළ කරන ලද මාධ්‍ය නිවේදනය සම්බන්ධවයි.

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් විසින් “විසිවෙනි සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල කප්පාදු වෙන බවට විපක්‍ෂය ගෙන යන ප්‍රචාර” යන මාත්‍යාකාවෙන් යුක්තව මාධය නිවේදනයක් නිකුත් කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට කැපවුණු සිවිල් සංවිධානයක් වශයෙන් අපගේ අදහස් ද ගරු අගමැතිතුමාගේ කාරුණික අවධානයට යොමු කරනු කැමැත්තෙමි.

අධිකරණ අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පලකරන ලද සහ ඔහු විසින් 2020 සැප්තැම්බර් 02 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසිවන ආණ්ඩුක්‍ර ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධව සමාජය තුළින්ද ආණ්ඩුපක්‍ෂයේ ඇතැම් පාර්ෂව තුළින්ද මතුව ඇති මූලික විරෝධයක් වන විගණකාධිපතිවරයාගේ බලතල අඩු කිරීම සම්බන්ධ චෝදනාවට ලබා දී ඇති පිළිතුර පිළිබදව අපගේ අවධානය යොමු කර ඇති අතර ඊට අදාලව පහත කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කරමි.

· මූලික වශයෙන්ම මාධ්‍ය නිවේදනයෙන් දක්වන්නේ විගණන සේවා කොමිෂන් සභාව අහෝසි කිරීම මගින් විගණනයට හානියක් සිදු නොවන බවය. විගණන සේවා කොමිෂන් සභාව මගින් සිදුකරන ලද්දේ විගණනය සිදුකරන නිළධාරීන් සදහා වෙනම සේවාවක් ස්ථාපනය කිරීම මගින් විගණනය ස්වාධින සේවාවක් බවට පත් කිරීමය. එකී කොමිෂන් සභාව අහෝසි කිරීම මගින් විගණනයේ ස්වාධිනත්වය ඉබේම අහෝසි වී යන අතර විගණකාධිපතිද ඇතුලුව විගණනයට සම්බන්ධ සියලුමදෙනා ජනාධිපති විසින් පත් කරන සහ ජනාධිපතිට අවශ්‍ය විටෙක් ඉවත් කළ හැකි (විසිවන සංශෝධනයට අනුව)රාජ්‍ය සේවා කොමිෂන් සභාව යටතට පත්වේ. එය රාජ්‍ය විගණනයට සිදුවන බරපතල අගතියකි.
· ජනාධිපති කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් විගණකාධිපතිවරයාගේ විෂය පථයෙන් ඉවත් කර ඇති අතර එය සාධාරණී කරණය කරන අගමැතිතුමා පවසන්නේ එම ආයතන දෙක දෙපාර්තමේන්තු ලෙස සලකා විගණකාධිපතිට විගණනය කළ හැකි බවයි. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විගණකාධිපතිගේ විෂය පථයට ප්‍රකාශිතව ඇතුළත්ව තිබූ ආයතන දෙකක් සංශෝධනයක් මගින් ඉවත් කිරීමෙන් නීති සම්පාදකයන්ගේ අරමුණ එම ආයතන දෙක විගණකාධිපතිගේ විෂය පථයෙන් ඉවත් කිරීම බව පැහැදිව පෙනී යයි.

· රජයට අයත් සමාගම් විගණකාධිපතිගේ විෂය පථයෙන් ඉවත් කිරීම පිලිබදව කරුණු දක්වන ගරු අගමැතිතුමා ප්‍රකාශ කරන්නේ එම සමාගම් වල විගණනය භාර පුද්ගලික සමාගම් වල විගණනය විගණකාධිපතිගේ අධීක්‍ෂණය යටතේ සිදුකළ යුතු බවට නියෝග කිරීමට විගණකාධිපතිට බලය ඇති බවයි. රාජ්‍ය සමාගම් විගණකාධිපතිගේ විගණනයට දක්වන ලද අඩු සහයෝගය සහ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවට උත්තර දීමට දක්වන ලද අඩු උනන්දුව සලකන කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ලිඛිතව සදහන් කිරීමකින් තොරව රාජ්‍ය සමාගම් විගණකාධිපතිගේ විෂය පථයට ඇතුළත් කළ නොහැක. එසේම විගණකාධිපතිගේ විෂය පථයට යටත්ව පැවති රාජ්‍ය සමාගම් සංශෝධනය මගින් ඉවත් කරන්නේ නම් එහි අර්ථය වන්නේ ව්‍යවස්ථා සම්පාදකයින්ගේ අරමුණ එය විගණකාධිපතිගේ විෂය පථයෙන් ඉවත් කිරීම බවයි. මේ නිසා අගමැතිතුමා පවසන පරිදී රාජ්‍ය සමාගම් වලින් 50% ක් නොව 100%ක්ව රාජ්‍ය විගණනයෙන් ඉවත්වේ.

· විගණකාධිපති පත් කිරීම පිලිබදව සදහන් වන ව්‍යවස්ථාවේ “සුදුසුකම්ලත් විගණනවරයකු” යන්න ඉවත් කිරීම මගින් ප්‍රායෝගිකව වෙනසක් සිදු නොවන බව ගරු අගමැතිතුමා ප්‍රකාශ කළද විගණකාධිපති ලෙස සුදුසුකම්ලත් විගණනක වරයකු හැර වෙනත් තැනැත්තෙක් පත් කිරීමට අදහස් නොමැති නම් එම ප්‍රතිපාදනය ඉවත් කිරීමට මෙම සංශෝධනය මගින් අදහස් කරන්නේ කුමක් නිසාද? යන ප්‍රශ්නය මතුවේ.

· 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදුකිරීමට උත්සාහ කරනු ලබන්නේ 19 වන සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකරන ලද සංශෝධන ඉවත් කර 19 වන සංශෝධනයට පෙර පැවති තත්වයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම බවට ගරු අගමැතිතුමා සදහන් කරයි. මෙම 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් විගණනයට කිසිදු බලපෑමක් සිදුකිරීමට අදහස් නොමැති නම් කළ යුතු හොදම දෙය වන්නේ එකී වගන්තිවලට සංශෝධන ගෙන ඒමෙන් වැළකීම හෝ විගණනය වඩාත් ශක්තිමත් කරන සංශෝධන ගෙන ඒමයි.

· දැනටමත් නීතිපතිතුමා විසින් 20වන සංශෝධනයේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන බවට වූ යෝජනාවලියක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත. එකී ලියවිල්ල සහ ගරු අගමැතිතුමාගේ මෙම මාධ්‍ය නිවේදනය අතර බරපතල පරස්පරතාවක් පවතී. එබැවින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබද කාරක සභා අවස්ථාවේදී රාජ්‍ය විගණනය සම්බන්ධව ධනාත්මක සංශෝධන මෙම කෙටුම්පතට ඇතුළත්විය හැකි යැයි කිසිසේත් විශ්වාස කළ නොහැකිය.

· කෙසේ හෝ ජාතික වැදගත්කමින් යුත් කරුණක් ගැන ගරු අගමැතිතුමාගේ අවධානය යොමු කිරීම අගය කරන අතර සාම්ප්‍රදායානුකූලව මෙම පනත නියම වශයෙන් ඉදිරිපත් කළ යුත්තේ අමාත්‍ය වරයෙකු විසින් නොව, ගරු අගමැතිතුමන් විසින් බවද කාරුණිකව පෙන්වා දෙනු කැමැත්තෙමි.

මෙයට,
හිතවත්,

කරු ජයසූරිය.
සභාපති,

සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පහේ ශිෂ්‍යත්වේ සහ උසස් පෙළේ වෙනසක් නෑ

Next Post

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර හැදුවේ කම්හල් පරිපාලනය ද?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.