ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍යවලින් ශ්‍රී ලාංකේය සමාජය මුදා ගැනීම අරමුණු කර ගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී අද (20) පස්වරු 3.00ට පැවැත්වේ.
මෙරට තරුණ ප්‍රජාවේ ජීවිත අවදානමට ලක් කරන විෂමත්ද්‍රව්‍ය උවදුර සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම අරමුණු කර ගනිමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි පළාත් නවය තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
‘රටම එකට‘ ජාතික වැඩසටහන ඔක්තෝබර් මස 30 වනදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.







