රජයේ රෝහවල සේවය කරන අතරතුර පෞද්ගලික සේවයෙන් වැළකී සිටීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. ජූලි 9 වෙනිදා (අද) සිට මෙම තීරණය බලාත්මක වන අතර පෞද්ගලික රෝහල්වලින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ලබා ගන්නා රෝගීන්ට එම වෛද්‍යවරුන් සේවය කරන රජයේ රෝහල්වලට පැමිණෙන්න යැයි දැනුම් දී තිබේ.
වත්මන් පරිපාලනයට ඉවත්වන ලෙසට බලපෑම් කිරීම සඳහා පැවැත්වෙන සාමකාමී උද්ඝෝෂණයට සහය පළ කිරීමට පෙර ගන්නා ලද තීරණයට සමගාමීව එම බලපෑම් පුළුල් කිරීම සඳහා මෙම තීරණය ගත් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි. මෙම තීරණය නිසා අපහසුතාවයට පත් වෙන ජනතාවගෙන්, සංගමය සමාව අයැද සිටින අතර සර්ව පාක්ෂික පාලනයකට මඟ පෑදීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.
කෙසේ වෙතත් මේ වන විටත් පෞද්ගලික රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් පරීක්ෂා කිරීමත්, ශල්‍ය හා වෛද්‍ය හදිසි අවස්ථාවන්වලට සහභාගී වීමත් විශේෂඥ වෛද්‍යවරුන් සිදු කරනු ඇත.







