අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උද්ධමනය සීයේ කට්ට පැන්නොත් ඉවරයි – මහ බැංකු අධිපති ! කට්ට පැනලා ඉවරයි – මහාචාර්ය ස්ටීව් හැන්කේ!

by Lankasara News
ජූලි 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ බිහිසුණු කතාවක් කීවේය. මේ වනවිට සියයට 54 ඉක්මවා ඇති රටේ උද්ධමනය සියයට 70ද ඉක්මවනු ඇති බව ඔහු ගේ අනුමානය වන බවය. එය සියයට සියය ඉක්මවන තත්ත්වයක් කරා යාම වළක්වා ගැනීම මහ බැංකුවේ උත්සාහය බව පැවසූ මහ බැංකු අධිපතිවරයා අනතුරු ඇඟවූයේ එවැනි අධි උද්ධමන තත්ත්වයක් තුළ දිළිඳු සහ අවදානමට ලක්වූ ජන කොටස්වලට ජීවත් වීම අතිශයින්ම අභියෝගාත්මක විය හැකි බවය. එසේම මේ රටේ කිසිදු ව්‍යාපාරයක් කරගෙන යා ගත නොහැකි මට්ටමට පත්වි හැකි බවත් ඔහු කීවේය.

විශේෂයෙන් සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත නැත්තටම නැතිවනු ඇතැයි ඔහු නොකියා කීවේය. ආචාර්ය වීරසිංහ මේ ඇස්තමේන්තු අවදානම් අනතුරු ඇඟවීම් සියල්ල කළේ ශ්‍රි ලංකාවේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රි ලංකා මහ බැංකුවේ දත්ත මත පදනම් වෙමිනි. මේ දත්ත සිය විශ්ලේෂණ වට්ටෝරුවට දමන ඇමෙරිකානු ආර්ථික විද්‍යාඥයකු වන එරට ජෝර්ජ් හොප්කින්ස් සරසවියේ ආචාර්ය ස්ටීව් හැන්කේ පවසන්නේ මේ වනවිටත් ශ්‍රි ලකාවේ උද්ධමනය සියයට 113.16ක මට්ටමට පත්ව ඇති බවය. ඔහු ඊයේ අවධාරණය කළේ ශ්‍රි ලකාවේ උද්ධමනය පිළිබඳ ව ඉදිරිපත් කරන නිල තොරතුරු නිවැරදි නොවන බවය.
ස්ටීව් හැන්කේ මෙන්ම මහ බැංකු අධිපති කොහොම කිව්වත් මේ වනවිට අධි උද්ධමනයෙන් ශ්‍රි ලංකාවේ ජනතාව පිළිස්සෙමින් සිටිති. මේ වනවිට සියලුම ආහාර දුව්‍යවල මිල ගණන් සියයට සියය ඉක්මවමින් ඉහළ ගොස් ඇත. රටේ ප්‍රධාන ආහාරය වන සහල් මිල පසුගිය වසරට සාපේක්ෂව සියයට සියයකින් පමණ ඉහළ ගොස් ඇත. එසේම මාලු , කරවල බිත්තර, මිල සියයට 200ක් පමණ වැඩිව ඇති අතර පරිප්පු කිලෝවක මිල සියයට 300කින් පමණ වැඩි වි ඇත. මේ සියල්ලෙන් නිරූපණය කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් ඔහු ගේ මුදල් අමාත්‍යවරුන් සහ බලහත්කාරී ලෙස වැරදි උපදෙස් දුන් නිලධාරී කට්ටුවත් ගත් අමනෝඥ උද්දච්ඡ තීරණ මේ තත්ත්වයට හේතු වී ඇති බවය. අද මේ අර්බුදයේ නිර්මාණකරුවන් කුටිවලට වැදී කොම්පියුටර් සෙල්ලම් කරමින් සිටියදී රටේ ජනතාව දිය හැළියක පැසවමින් සිටිති.

සරලව උද්ධමනය ලෙසින් හැදින්වෙන්නේ අප එදිනෙදා පරිහණය කරන භාණ්ඩ හ සේවා මිල ඉහළ යාමය.ඊට සාපේක්ෂව මුදලේ වටිනාකම හෑල්ලු වීමය. මෙය ජීවිතයට බලපාන්නේ කෙසේදැයි මේ වනවිට ශ්‍රි ලංකාවේ ඉවසිලිවන්ත ජනතාව අසීරුවෙන් අත්දකිමින් සිටිති.

උද්ධමනය යනු මිල වෙනස් වීමේ වේගයයි. උද්ධමනය වැඩිවීම යන්නෙන් අදහස් කරන්නේ එකම භාණ්ඩ හා සේවා සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදු වීමයි. මිල ඉහළ යාමට පෙර වත්කම් ඔබ සතු නම්, නමුත් ඔබේ ආදායම උද්ධමනය සමඟ වේගයෙන් නොපැමිණෙන්නේ නම් කාලයත් සමඟ උද්ධමනය ඔබේ ජීවන වියදම වැඩි කරයි. මේ වනවිට ශ්‍රි ලංකාවේ උද්ධමනය ඇත්තේ මේ රටේ සෑම ජන කොටසකටම දැඩි ලෙස හානිකර මට්ටමකිනි. උදාහරණයක් ලෙස ඕනෑම ආර්ථිකයක සාමාන්‍යයෙන් උද්ධමනය වසරකට 3% සිට 10% දක්වා වෙයි. ආර්ථික විද්‍යාඥයන් පවසන්නේ එය රටක ආර්ථික ක්‍රියාකාරීත්වයේදී අවශ්‍ය තත්ත්වයක් බවය. එහෙත් අප රට තුළ මේ වනවිට පවතින්නේ සැබැවින්ම අධි උද්ධමනකාරී තත්ත්වයකි. එවැනි අධි උද්ධමනකාරී තත්ත්වයක් ඉදිරියේදී එන බවට මහ බැංක අධිපතිවරයා අනතුරු ඇඟවුවද මේ රටේ බහුතරයක් ජනතාව සහ ව්‍යාපාර මේ අධිඋද්ධමනයෙන් දැඩි පීඩාවකට පත්ව සිටිති.

මිල ඉහළ යාම හේතුවෙන් හෙට දවසේ වැඩි මිල ගණන් වළක්වා ගැනීම සඳහා මිනිස්සු අවශ්‍ය ප්‍රමාණයට වඩා මිල දී ගනිති. එය භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම වැඩි කරයි. සැපයුම්කරුවන්ට ඉදිරියට යා නොහැකිය. වඩා වැදගත් දෙය නම්, වැටුප් ගෙවිය නොහැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස එදිනෙදා භාණ්ඩ හා සේවා බොහෝ දෙනෙකුට ළඟාවිය නොහැකි ලෙස මිල නියම වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

උද්ධමනය අපට රිදවන්නේ විවිධාකාරයෙනි. අපට එදිනෙදා අත්‍යවශ්‍ය භාණඩ පවා අවශ්‍ය ප්‍රමාණයටවත් මිලදී ගත නොහැකි තැනට ඒවායේ මිල වැඩිවෙයි. මේ තත්ත්වය සමඟ මුදලේ වටිනාකම මෙන්ම අප සතු වත්කම්වල වටිනාකම ද අඩුවෙයි. ඒවා මුදල් බවට පත් කිරීමේ එනම් ද්‍රවශීලතාවට පත් කිරීමේ හැකියාවද අඩුවෙයි.
මේ වනවිට රටේ තරුණ දෙමාපියන් මෙනම් තරුණ තරුණියන්ද හැකි තරම් උත්සාහ කරන්නේ ශ්‍රි ලංකාව අතහැර වෙනත් රටකට සංක්‍රමණය වීම ගැනය. එහිදී තමන් සතු නිශ්චල චංචප දේඵල විකුනා ඒවා මුදල් කර ගැනීමට උත්ස ඔවුහු උතසාහ කරත.ි පවනි ආර්ථික තත්වය අනුව ඒවා අලෙවි කිරීම අපහසු වන්නා ස්ම විකුනා ලැබෙන මුදලෙන් අපට කර ගත හැකි වැඩ කොටසද සීමා වී ඇත. එයද මේ උද්ධමනයේ දරුණු ප්‍රතිඵලයකි.

අපේ රටේ මෙන්ම බොහෝ රටවල වැඩිහිටි ජනතාව ජීවත් වන්නේ ඔවුන් ජීවිත කාලය පුරා ඩහදිය මහන්සියෙන් ඉපැයූ ධනය සාපේකෂව ඉහළ පොලියක් ඇති මූල්‍ය ආයතනයක තැන්පත් කිරීමෙනි ලැබෙන පොලියෙනි. එසේ හැකිනම් වෙනත් ආයෝජනයකිනි. උද්ධමනය හේතුවෙන් මෙලෙස ලබන මුදලින් ඉටු කර ගත හැකි සපුරා ගත හකි අවශ්‍යතා සීමා වෙයි. ඔවුන්ට අලුතින් ආදායම් උපදවා ගැනීමේ ශක්තිය අහිමි විම නිසා ඔවුන් දරුණු අර්බුදයකට ඇද වැටෙයි.

එසේම පසුගියද අගමැතිවරයාම සඳහන් කළේ ශ්‍රි ලංකාවේ සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ වටිනාකම මේ වනවිටත් සියයට 50කින් පමණ පහළ ගොස් ඇති බවය.

නිදසුනක් වශයෙන්, ඔබේ නිවසෙහි වටිනාකම අහිමි වන විට ගෑස් මිල දෙගුණ විය හැකිය. මහ බැංකු අධිපතිවරයා පවසන්නේ මෙවැනි අධි උද්ධමනකාරී පසුබිමක් තුළ එය පාලනය කිරීම සඳහා බැංකු පොලී අනුපාත සැලකිය යුතු ලෙස ඉහළ දැමීමට සිදුවනු ඇති බවය. එහි ප්‍රතිඵලය ලෙස මෙරට කුමක් හෝ විකුණා එදා වේල සොයා ගන්නා කුඩා ව්‍යාපාරිකයා ඇතුළු සෑම ව්‍යාපාරිකයකුටම සිය ව්‍යපාර කර ගත නොහැකි තත්ත්වයට පත්වනු ඇත.

සමහර විට උද්ධමනය ආර්ථිකයට හොඳ වන අවස්තා ද ඇත. ඒ සාමාන්‍යයෙන් මෘදු මට්ටමේ උද්ධමනයක් පවතින විටය. මිනිසුන් උද්ධමනය අපේක්ෂා කිරීමට පටන් ගත් පසු, අනාගතයේදී මිල වැඩි වනු ඇතැයි ඔවුන් දන්නා නිසා ඔවුන් පසුවට වඩා දැන් වියදම් කරති. පාරිභෝගික වියදම් ආර්ථික වර්ධනයට හේතු වේ.

කෙසේ වුවද ශ්‍රි ලංකාව අද පසු කරන්නේ ලෝකයේ වැඩිම අවධානයක් ලද ඉහළම උද්ධමනයක් ඇති රටක් ලෙසය. මේ මත නිර්මාණය වන ඉහළ අනුපාත ඔබේ ආයෝජනවල වටිනාකම අඩු කරයි. ජාතික ණය සඳහා පොලිය ඉහළ යයි. අතිරේක අයවැය වියදම් අභිමත අයවැය කප්පාදුවකින් හෝ බදු වැඩි කිරීමකින් පියවා ගත යුතුය. ඒ සියල්ල අඩු ජීවන මට්ටමක් බවට පරිවර්තනය වන ආර්ථික වර්ධනය මන්දගාමී කරන හැකිලීමේ මූල්‍ය ප්‍රතිපත්තියකට මඟ පාදයි. අද ශ්‍රි ලංකාවට සිදුව ඇත්තේ මෙයයි.

වර්ල්ඩ් මනී වොච් වෙබි අඩවියේ සභාපතිනිය සහ ඇමෙරිකානු ආර්ථික විද්‍යඥවරියක වන කිම්බර්ලේ අමාදියෝ පවසන්නේ සාමාන්‍යයෙන් උද්ධමනය සියයට 50 දක්වා ළඟාවන්නේ නම් එය අධි උද්ධමනයක් ලෙස් සැලකිය හැකි බවය. ඇය පවසන්නේ උද්ධමන අනුපාතය නොසලකා රජය අවශ්‍යතා සඳහා මුදල් මුද්‍රණය කරන විට එය නිතැතින්ම සිදු වන බවය.මේ අධි උද්ධමනය රටක ආර්ථිකය කඩා වැටීමකට තුඩු දිය හැකිය.අද අප අත්විඳිමින් සිටින්නේ මේ අවාසනාවන්ත අත්දැකීමයි.

අද රට දේහීය මෙනම් විදේශීය මූල්‍ය හිගයක සිර වී ඇත. අපට ආනයනය කිරීමට අවශය අතක්‍යවශ්‍ය ඉන්දන ඖෂධ ආහාර සඳහා ගෙවන්නට ඩොලර් නැත. කවුරුත් තවමත් ඩොලර් දෙන පාටක් පේන්නේද නැත. ඒ අතරේ රටේ අභ්‍යන්තර ආර්ථික ක්‍රියාකාරකම් බලවත් සේ සංකොචනය වෙමින් තිබෙ. එහි ප්‍රතිඵලය ලෙස තවදුරටත් මුදල් මුද්‍රණය කිරීමට සිදුවන බව මුදල් ඇමති වන අගමැතිවරයාම කියයි. මෙයින් පෙනෙන්නේ අප දවන මේ අදි උද්ධමනයට තවමත් දැනෙන විසදුමක් ළඟ පාත නැති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශේෂඥ වෛද්‍යවරු පෞද්ගලික වෛද්‍ය සේවා නවත්වයි

Next Post

කොළඹ අඳිරි නීතිය උදේ අටෙන් අවසන් වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.