විශේෂ පක්ෂනායක රැස්වීමක් අද පස්වරු 1.30ට පාර්ලිමේන්තු සංකීරණයේ දී පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.
එළඹෙන පලාත් පාලන මැතිවරණය සම්බන්ධවත් ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධවත් සාකච්ඡා කිරීමට නියමිත මෙම පක්ෂනායක රැස්වීම සඳහා සහභාගී වන ලෙස සියලු පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දී ඇතැයි වාර්තා වේ.
මේ පක්ෂ නායක රැස්වීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද කැඳවන ලෙස විපක්ෂයෙන් කතානායකවරයාට ඉල්ලීමක් කර ඇතැයි විපක්ෂ ආරංචි මාර්ග පවසයි.







