විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වසර 4 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 3ක දඩයක් නියම වී තිබේ.
ඒ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වීම හේතුවෙනි.
නියම කරන ලද දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව තවත් මාස හයක සිරදඬුවම් නියම කරන බවත් එම නියෝගයේ සඳහන් වේ.
ඔහුගේ නඩුව විභාග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.







