අද (09) උදෑසන විල්වත්ත දුම්රිය අනතුර සිදුවන්නේ දුම්රියක් පැමිණීම සංඥා කරමින් දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව වසා තිබිය දී කන්ටේනර් රථ රියදුරා අනාරක්ෂිතව කන්ටේනර් රථය දුම්රිය මාර්ගයට ඇතුළු කිරීම හේතුවෙන් බවට වීඩියෝ සාක්ෂියක් නිකුත් වී තිබේ.
දුම්රිය හරස්මග අතර කන්ටේනර් රථය නැවතුනා නම් ඒ පිළිබඳව ගේට්ටුවේ රැඳී සිටින සේවකයාට දැනුම් දී දුම්රිය නවත්වා ගත හැකිව තිබුණු බවත්, එසේම කන්ටේනර් රථයේ රියදුරාට ද මේ සම්බන්ධව දැනුම්වත් කර දුම්රිය නවත්වා ගැනීමට හැකියාව තිබුණු බවත් දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
සාමාන්‍ය අවස්ථාවක දුම්රිය හරස්මග දී කන්ටේනර් රථය නැවතුනානම් අනතුර වළක්වා ගැනීමට සෑහෙන කාලයක් තිබුණු බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මේ අනතුර හේතුවෙන් ජිවිත හානියක් සිදුනොවුනත් දුම්රිය අවලංගු වීම, නිමියත කාර්යාල දුම්රිය ධාවනයට නොහැකි වීම, ප්‍රධාන මාර්ගය අවහිර වීම හේතුවෙන් විකල්ප මාර්ග සැලසුමක් භාවිතා කිරීමට සිදුවීමෙන් ඇතිවූ තත්ත්වය රුපියල් කෝටි ගණනක පාඩුවක් රටට ඇති කළ බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
සිද්ධිය පිළිබඳ විශේෂ විමර්ශනයක් පැවැත්වේ.
ගැටෙන අයුරු පෙන්වන වීඩියෝ සාක්ෂිය







